Last Updated on June 23, 2021 by Desman Chathuranga
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශණය කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාවේ විශාල කොටස් ගණනාවක් එහි දෙමළ පරිවර්තනයේදී මඟ හැරී ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.සුමන්තිරන් අද(23) පාර්ලිමේන්තුවේදි පෙන්වා දුන්නා. රීතී ප්‍රශ්ණයක් මතුකරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එම වරද දෙමළ ජනතාව සම්බන්ධයෙන් සිදු කරන ලද විශාල හානියක් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දුන් CD පටයේ එහි දෙමළ පරිවර්තනය පවතින බවත් එය සිංහල වාර්තාව සමඟ සංසන්දනය කිරීමේදී එහි දෙවන වෙළුමේ විශාල පිටු ප්‍රමාණයක් මග හැර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
මෙම වාර්තාව තමන් විසින් සකස් කරන ලද්දක් නොවන අතර සියලු පරිවර්තන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදු කළ බව මේ සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් විමසූ අවස්ථාවේ දී දැනුම් දුන් බවයි මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ.
“දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශණය කෙරුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව බෙදා දීමේදී පාර්ලිමේනතු මන්ත්‍රිවරුන්ගෙන් එහිදී තමන් කැමති භාෂාව අසා තිබුණා. ඒ අනුව මම ඉල්ලුවේ ඉංග්‍රිසි පිටපතක්. නමුත් මට මුද්‍රිත පිටපතක් ලෙස ලැබුණේ සිංහල පිටපතක්. මේ සමඟ ලැබුණු CD පටයේ එහි දෙමළ පරිවර්තනය තිබුණා. මම සිංහල දන්න අයත් සමඟ මෙම දමිළ පරිවර්තනය පරීශීලනය කළා. එහිදී දැන ගන්නට දැක ගන්නට ලැබුණා මෙම දෙමල පරිවර්තනයෙන් විශාල කොටස් ප්‍රමාණයක් ඉවත් කර ඇති බව. මම දැන ගන්න කැමතියි ඇයි එහෙම කළේ කියල. පාර්ලිම්න්තුවෙන් ඇහුවම කිවේ එය කළේ ජනාධිපති කාර්යාලයෙන් කියල. ඒක ඇත්තද? එහෙම නම් දමිළ භාෂාවෙන් කියවන අයට මෙවැනි අසාධාරණයක් කළේ ඇයි කියල මම අහනවා. දමිළ භාෂාව සේ රටේ රාජ්‍ය භාෂාවක් බවට පත්වුණේ 1987දී. අවුරුදු 35ක් ගතවෙලත් අපිට අදත් මේ භාෂාව ගැන අරගල මේ පාර්ලිමේනතුව තුල කරන්න සිදුව තිබෙනවා. එය කණගාටුදායක මෙන්ම බරපතල ත්තවයක්”
සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායක මහිනද යාපා අබේවර්දන මහතා කියා සිටියේ තමන් සොයා බලා සුදුසු පියවරක් ගන්නා බවයි.
[url=http://cheapdrugs.store/#]ed meds pills drugs[/url]
clomid for sale buy clomid 50mg online clomid tablets
https://erectionpills.best/# best male ed pills
https://erectionpills.best/# ed pills for sale
https://diflucan.icu/# diflucan generic