counter hit xanga
March 26, 2023

ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අදින් අවසන්

Last Updated on January 20, 2023 by Dheerasinghe

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වේ.මැතිවරණ කොමිසම සඳහන් කළේ අද දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරිමේ හැකියාව පවතින බවය.ඊයේ දිනය වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ලබන 21 වැනිදා දහවල් 12 දක්වා භාරගැනීමට නියමිතය. ඊයේ දිනය තුළ  දේශපාලන පක්ෂ 10ක් නාමයෝජනා භාරදී තිබේමේ අතර ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භ වු දිනයේ සිට මේ දක්වා පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි 15ක් පමණ ලැබී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.