Last Updated on January 18, 2023 by Dheerasinghe
ඇමරිකාවේ “උද්ධමනය අඩු කිරීමේ පනත”ට එරෙහිව යුරෝපා සංගමය ප්‍රතිචාර දක්වයි.
පසුගිය වසරේ ඇමරිකාව විසින් සම්මත කරන ලද “උද්ධමනය අඩු කිරීමේ පනත” දැඩි ඒකපාර්ශ්වවාදයක් සහ ආරක්ෂණවාදයක් පිළිබිඹු කරයි. දේශීය කර්මාන්ත සඳහා ඉහළ සහනාධාර සැපයීම, දේශීය හා විදේශීය සමාගම්වල නිෂ්පාදන පදනම් ඇමරිකාවට මාරු කිරීමට දිරිමත් කිරීම පිළිබඳ කාර්යයන් මෙම පනතට ඇතුළත් වේ. යුරෝපය මේ සම්බන්ධයෙන් දැඩි අතෘප්තියට පත්ව සිටී. ඇමරිකානු මෙම පනතට එරෙහිව යුරෝපා සංගමය අනුරූපී පියවර ගනු ඇතැයි, යුරෝපා සංගමය පවසයි.
යුරෝපීය කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය ඊයේ(17) පෙන්වා දුන්නේ, සමාගම් නිෂ්පාදන ධාරිතාව ඇමරිකාවට පැවරීම වැළැක්වීම සඳහා, යුරෝපා සංගමය අදාළ නීති සම්පාදනය කිරීම හා මූල්‍යාධාර සැපයීමෙන්, යුරෝපා සංගම් කාර්මික පදනමේ ආයෝජනය අඛණ්ඩව දිරිගන්වනු ඇති බවයි.
හරිත කර්මාන්ත කෙරෙහි යුරෝපා සංගමය විශේෂ අවධානය යොමු කරනු ඇත. අදාළ නීති සම්පාදනය කිරීමෙන්, හරිත කර්මාන්තයට සහනාධාර ලබා දීම සඳහා වඩාත් පහසු ක්‍රියා පටිපාටි සහ වඩාත් වේගවත් අනුමැතිය ලබා දීම් සිදු කරනු ඇතැයි ද, ඇය සඳහන් කළා ය.
More Stories
අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා
ලෝක බැංකු ණය මුදල, IMF සහනය සහ චීන පොරොන්දුව: මේවා යහපත් ප්රවෘත්ති වුනත් විසඳුම් නොවේ
මෙම ආර්ථික අර්බුදයට ඇත්තේ දේශපාලන විසඳුමකි – රංජිත් හේනායකආරච්චි