Last Updated on July 17, 2021 by Desman Chathuranga
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්ටවෙන එක්දින සහ තරගාවලියට එක්වන 25 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවයි.
දසුන් ශානක සංචිතයේ නායකත්වයට නම්කර තිබෙනවා.
උප නායකයා වන්නේ ධනංජය ද සිල්වායි.
කුසල් ජනිත් පෙරේරා ද මෙම සංචිතයට නම්කර තිබුන ද ඔහු ආබාධ තත්වයක් හේතුවෙන් තරගාවලියට එක් නොවන බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, අශේන් බණ්ඩාර, මිනෝද් භානුක, ලහිරු උදාර, රමේෂ් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න සංචිතයට නම්කර තිබෙනවා.
බිනුර ප්‍රනාන්දු ද මෙම සංචිතයට ඇතුලත් කර ඇති අතර ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ආබාධ තත්වයක් හේතුවෙන් ඔහු එක්දින තරගාවලියට එක් නොවන බවයි.
දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ශිරාන් ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, ලහිරු කුමාර සහ ඉසුරු උදාන සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය ලබන ඉරිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
දෙරට අතර එක්දින තරග 3ක් සහ තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

More Stories
තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා අභියාචනාවක් ඉදිරිපත් කරයි.
දනුශ්ක ගුණතිලක ඇමරිකාවට යයි හෙට සිට ඇමරිකන් ටීමි එකට සෙල්ලමි කරයි.
ක්‍රිකට් පිටියෙ රජු වන විරාට් කෝලි කුසල් මෙන්ඩිස්ගෙ වාර්තාවක් සම කරයි – වැඩි විස්තර මෙතනින්