counter hit xanga
October 21, 2021

කාර් මිල අහසට නගී මෙන්න නවතම මිල ගනන්

Last Updated on August 11, 2021 by Panduka Herath

මෙරට වෙළඳපොළ තුළ මෝටර් රථ ඉතා විශාල වශයෙන් මිල ඉහළ ගොස් තිබේ.

මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කර තිබීමත් තවත් වසරක කාලයක් ඉක්ම වන තෙක් ආනයනය තහනම ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

පාවිච්චි කරන ලද මෝටර් රථ 100% ඉක්මවූ මිල ගණන්වලට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ නිරීක්ෂණ වලින් පෙනී යයි.

2019 වර්ෂයේ ප්‍රිමියෝ රථයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් කෝටි දෙක ඉක්වමූ මිලකටයි.

එම වසරේ ඇක්සියෝ රථයක් ලක්‍ෂ 120 ඉක්වමා ඇති අතර වසර 15 ඉක්මවා පැරණි අක්සියෝ රථයක් ලක්ෂ 65 ඉක්වමූ පමණ මිලකට අලෙවි වෙයි.

වසර පහක් පමණ පැරණි වන ‘විට්ස්’ පටයක් රථයක්ද ලක්ෂ 90 පමණ මිලකට නම් කර ඇත.

වසර තුන හතරක් පැරණි වැගන්ආර් රථයක් ලක්ෂ 65 ක සීමාවේ පවතී.

මේ අතර වසර තුන හතරක් පැරණි ත්‍රීරෝද රථයක් ලක්ෂ 16-17 මිල ගණන් වල පවතී.

සාමාන්‍ය යතුරු පැදික් ලක්ෂ හතර පහ සීමාවේ පවතින අතර ස්කූටර් රථද එම මිල ගණන් ඉක්මවා අලෙවි වෙමින් ඇත