counter hit xanga
October 21, 2021

කොටස් 250 කින් කතාව ඉවරයි, අනවශ්‍ය විදිහට කතාව අදින්නේ නැහැ – කැකුලා කියන්නෙ පිටපතේ තිබුන චරිතයක් – නාඩගම්කාරයෝ ගැන ඇහැන අලුත් කතාව

Last Updated on July 21, 2021 by Panduka Herath

ඔහු නමින් ජයප‍්‍රකාශ් සිවගුරුනාදන්. මේ නමවත් රූපයවත් එතරම් ප‍්‍රසිද්ධ නැහැ. හැබැයි ඔහු ගේ අධ්‍යක්‍ෂණයෙන් මෙරට පේ‍්‍රක්‍ෂකයන්ට තිළිණ කෙරෙන ටෙලි නාට්‍ය තුනක් මේ දිනවල හරි ජනපි‍්‍රයයි. ඒ නාඩගම්කාරයෝ, පාර දිගේ සහ කොළඹ ඉතාලිය. වැඩි කතාබහක් නැතිව අපි ඔහුගේ කතාවට බහිමු.

නාඩගම්කාරයෝ, පාරදිගේ, කොළඹ ඉතාලිය කියන නාට්‍ය තුනේම අධ්‍යක්‍ෂවරයා ඔබ. කොහොමද මේ නාට්‍ය තුනට ලැබෙන පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර?

ඔව්. මම හිතන්නේ ඉහළම පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලැබෙන්නේ නාඩගම්කාරයන්ට. ඊළඟට පාරදිගේ, ඊළඟට කොළඹ ඉතාලිය.

මෙයින් ඔබ වඩාත් කැමැති මොන නාට්‍යයටද?මෙහෙමයි මට ඔය ප‍්‍රශ්නයට දෙන්න තියෙන්නේ හැමදාම දෙන උත්තරේ තමයි. මම සාමාන්‍යයෙන් නාට්‍යයක් කරන්නේ ඒ නාට්‍යයට කැමැති හින්දා. ඒ තිර රචනයට මම කැමැතියි නැත්නම් ඒක නාට්‍යයක් බවට පත් කරන්න මම මහන්සි වෙන්නේ නැහැ. ඒ කියන්නේ තිරකතා තුනටම මම කැමති හින්දා තමයි නාට්‍ය තුනක් බවට පත් කළේ. නමුත් මොකක්දෝ තත්ත්වයක් හින්දා අතිශය ජනපි‍්‍රය වෙලා තියෙනවා. නාඩගම්කාරයෝ නාට්‍යය. නමුත් මම මේ නාට්‍ය තුනටම ආදරෙයි.