Last Updated on January 13, 2023 by Dheerasinghe
චීන නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නත් ආරක්ෂිත හා ඵලදායී බව චීනය අවධාරණය කරයි.චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (13) බටහිර මාධ්‍ය චීන කොවිඩ් මර්දන එන්නත්වල ගුණාත්මකභාවය පිළිබඳ පළ කළ ඇතැම් වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ලොව බහුවිධ කොවිඩ් එන්නත් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණ සතු එකම රට චීනය බව ඔහු එහිදී සඳහන් කළේ ය. කොවිඩ් එන්නත්කරණය අතින් චීනය ලොව ඉදිරියෙන් සිටින බවත්, එය බරපතල කොවිඩ් ආසාදන හා මරණ විශාල වශයෙන් වළක්වා ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතදී ප්‍රකාශ කර තිබේ. වයස අවුරුදු 60 හා ඊට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ට චීන නිෂ්පාදිත එන්නත් ලබාදීමෙන් දරුණු ආසාදන හා මරණ වැළැක්වීමේ ප්‍රතිඵලය Pfizer mRNA එන්නත ලබාගැනීමෙන් ඇති වන ප්‍රතිඵලය හා එක සමාන බව අදාළ පර්යේෂණවලින් හෙළි වී ඇත. චීන එන්නත් ලබාගැනීමෙන් පසු ඇති වන අයහපත් ප්‍රතික්‍රියා ඉතා අවම මට්ටමේ පවතින බව වං වෙන් බින් මහතා කියා සිටී. මේ වන විට චීනය රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 120ක් වෙනුවෙන් කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 2.2කට වැඩි ප්‍රමාණයක් සපයා දී තිබේ. චීන නිෂ්පාදිත එන්නත්වල ආරක්ෂාව හා ඵලදායීතාව ඉන් තහවුරු වී ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?