Last Updated on July 21, 2021 by Panduka Herath
ශ්රී ලංකා – ඉන්දියාව අතර එක්දින හා විස්සයි විස්ස ක්රිකට් තරඟාවලිය ඊයේ ආරම්භ වූ අතර, මෙම තරඟාවලියට ද ශ්රි ලංකා ඡේෂ්ඨ ක්රීඩකයින්ව ඇතුළත් නොකර තරුණ ක්රීඩකයින් පමණක් ඇතුලත් කර ගැනීමට තේරීම් කමිටුව විසින් තිරණය කර තිබුණා.
මේ අතර නිමා වූ බංගලාදේශ හා එංගලන්තය සංචාර දෙකේදී ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුසල් ජනිත් පෙරේරාට නායකත්වය අහිමි වූ අතර නව නායකත්වය දසුන් ශානක හට ලබා දීමට තීරණය කෙරුණා.
නායකත්වය ලැබීමෙන් අනතුරුව දසුන් ශානක අදහස් දැක් වූ අතර එහිදි ඔහු සඳහන් කර සිටියේ, තමාට නායකත්වය ලැබීම සම්බන්ධයෙන් තමාට ලොකු ගෞරවයක් මෙන්ම සතුටක් ද තිබෙන බවයි.
“ඇත්තටම මට ගොඩාක් සතුටුයි වගේම ලොකු ගෞරවයක් තියනවා රටේ නායකයා වීම සම්බන්ධයෙන්. ඒ වගේම සංචිතයේ ඉන්න ගොඩාක් ක්රීඩකයින් තරුණ ක්රීඩකයින් නිසා මේ වෙලාවේ ගොඩාක් ලොකු චැලේන්ජ් එකකුත් තියනවා. ඉතින් ඔවුන්ටත් ගොඩාක් හොඳ අවස්ථාවක් ලැබිලා තියනවා ඔවුන් ක්ලබ් වල, ඒ ටීම් වල වගේම ජාතික කණ්ඩායමෙත් දක්ශතා පෙන්නන්න.
[url=http://cheapdrugs.store/#]canadian online drugs[/url]
is propecia a prescription drug generic propecia cheap purchase propecia
stromectol 12 mg tablets stromectol for humans for sale stromectol for humans for sale