Last Updated on July 22, 2021 by Panduka Herath
ගතවු දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 400 ඉක්මවු පිරිසක් වාර්තා වී තිබේ.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ (21) දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයින් 1,604 දෙනාගෙන් 483 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවය.
ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 38දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි අය වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 279 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 213 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ අතර ඊයේ දිනයේ පුද්ගලයින් 1 75,000 ඉක්මවු පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය සිදුකර තිබේ.
පුද්ගලයින් 175,696 දෙනෙකු සඳහා එන්නත්කරණ සිදුකර ඇති අතර මොඩර්නා එන්නත පමණක් ඊයේ දිනයේ පුද්ගලයින් 111,465 දෙනෙකු සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
ඒ අනුව මේ වන විට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 6,317,202 දෙනෙකු සදහා ලබාදී තිබේ.
ඊයේ දිනයේ ආසාදිතයින් හඳුනාගත් සෙසු දිස්ත්‍රික්ක පහතින් දැක්වේ.

More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න