counter hit xanga
March 26, 2023

චීනයෙන් ඇමරිකාවට දැනුම් දීමක්

Last Updated on January 18, 2023 by Dheerasinghe

ඇමරිකාව තම රටේ නව කොරොනා වසංගතය පිළිබඳ තොරතුරු හා අදාළ දත්ත හැකි ඉක්මනින් බෙදා ගත යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීනයේ නව වෛරස් ප්‍රභේදය සොයා ගෙන නොමැති වුවද යුරෝපා රටවල් චීන සංචාරකයන් කෙරෙහි සීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබේ. මේ අතර, ඇමරිකාවේ XBB.1.5 වෛරස් ප්‍රභේදය හමු වී තිබුණද, සෙසු රටවල් එරට කෙරෙහි විශේෂ පියවර ගෙන නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී, වාර්තාකරුවෙක් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.

ඒ පිළිබඳව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (17) පැවසුවේ, වර්තමානයේ චීනයේ පැතිරෙන වෛරස් ප්‍රභේදය යුරෝපය ඇතුළු ප්‍රදේශවල මීට පෙර ද ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ අධ්‍යක්ෂවරයා පසුගියදා නිවේදනය කර ඇති බවයි. චීනයේ වසංගතය වත්මන් යුරෝපයේ වසංගත ව්‍යාප්තියට විශාල බලපෑමක් සිදු නොවනු ඇතැයි ද එම අධ්‍යක්ෂවරයා වැ‍ඩි දුරටත් පවසා ඇත. යුරෝපා ර‍ටවල් සංචාරකයන්ට වසංගත පාලනය පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නම්, එම ප්‍රතිපත්ති විද්‍යාත්මක, සුදුසු හා සාධාරණ විය යුතු බව ද Wang Wenbin මහතා සඳහන් කළේය.