Last Updated on July 27, 2021 by Desman Chathuranga
ජනපතිගේ ‘මීමුරේ ගම සමග පිලිසදර’ ප්‍රගතිය ලංසා බලයි.. 85%යි ලු..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීමුරේ පැවති “ගම සමග පිළිසදර – වැඩ සමග යළි ගමට” වැඩසටහනේදී මීමුරේ හා අවට ගම්මාන කිහිපයක ජනතාව විසින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ වර්තමාන ප්‍රගතිය සොයා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීම ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි.
ඒ අනුව අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සියයට 85 ක ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.
ජනතාවගෙන් ලැබී තිබූ යෝජනා අතුරින් තවදුරටත් ක්‍රියාත්මක විය යුතු සියයට 15 ක පමණ යෝජනා සදහා අවශ්‍ය විසදුම් ලබා දීම හා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ අංශ වෙත උපදෙස් ලබාදීම අද දිනයේ සිදු කරනු ලැබීය.
එහිදී ක්‍රියාත්මක වීම ප්‍රමාද වී තිබුණු යෝජනා කිහිපයක් සදහා විසදුම් ලබා දීමට කටයුතු කරනු ලැබීය. ඒ අතර මීමුරේ ජනතාවගේ අවශ්‍යතාවයන් සදහා 1990 ගිලන් රථයක් මීමුරේ පොලිස් මුරපොල වෙත ලබා දීමටත්, ගුරුවරු හා විදුහල්පතිවරුන්ට පවතින අධ්‍යාපනික ගැටළු විසදීම සදහා මිණිපේ හා උඩුදුම්බර අධ්‍යාපන කලාප ඒකාබද්ධ කරන ලෙස කළ යෝජනාවට විසදුමක් ලෙස මිණිපේ හා උඩුදුම්බර කොට්ඨාශ අධ්‍යාපන කලාප ශක්තිමත් කිරීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙනු ලැබීය. හපුගස්කුඹුර – පල්ලෙකන්ද කිලෝමීටර් 9 ක දැනට පවතින මාර්ගය කිසිදු පරිසර හානියක් සිදු නොකර ඒ ආකාරයෙන්ම සංවර්ධනය කරන ලෙසත්, තලගුනේ වසමේ හපුදන්ඩාවල පාලම, පාලම් 5,000 ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලෙස පළාත් මාර්ග අධ්‍යක්ෂක වෙත රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී උපදෙස් ලබාදුන්නේය.
ජනාධිපතිතුමාගේ මූලික පරමාර්ථය පරිසරය ආරක්ෂා කරගනිමින් සංවර්ධන කටයුතු සිදු කිරීම බැවින් නකලස් රක්ෂිතය හා පරිසර කළාපයන්ගේ ආරක්ෂාවට හානිවන යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් අදාළ යෝජනා ඉවත් කිරීමට මෙහිදී තීරණය කරනු ලැබීය. ජනතාව විසින් ඉදිරිපත් කළ යෝජනා වුවත් පවතින නිතී රාමුවට පිටින් හෝ පරිසරයට හානි වන පරිදි ඒවා ක්‍රියාත්මක කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබීය. මේ පිළිබඳව විකල්ප යෝජනා හා වෙනත් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා හා ගම සමග පිළිසදර ජාතික කමිටුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.
“ගම සමග පිළිසදර – වැඩ සමග යළි ගමට” වැඩසටහන තුළින් ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමට හා යටිතල පහසුකම් සංවර්ධනයට මනා පිටුවහලක් වී ඇති බවත් මේ වසර අවසානයට පෙර මීමුරේ පැවති “ගම සමග පිළිසදර – වැඩ සමග යළි ගමට” වැඩසටහනට ඉදිරිපත් වූ යෝජනා ක්‍රියාත්මක කරමින් අදාළ විසදුම් ලබා දීම අරමුණ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
සුළු වාරිමාර්ග යෝජනා, ඉඩම් බලපත්‍ර ලබාදීම, කුඩා ජල විදුලි බලාගාර, ජල යෝජනා ක්‍රම පිළිබඳව ලැබුණු යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරුණු අතර, එම ඉදිරිපත්ව ඇති යෝජනා කඩිනමින් අවසන් කරන්නැයි අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. ගැටළු කිහිපයකට විසදුම් ලබාදීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාට යොමු කරනු ලැබීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, බන්ධානාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති වසන්ත යාපා බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශ්‍රීනාත් ගමගේ, ජනාධිපති සහකාර ලේකම් ලක්ෂිකාද සේරම්, ප්‍රාදේශීය ලේකම් සුජානී විජේතුංග යන මහත්ම මහත්මීන් සහ රජයේ නිලධාරීන් හා ගම්වාසීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ
[url=http://cheapdrugs.store/#]can ed be reversed[/url]
cialis cost nz tadalafil
ivermectin 3mg tablets stromectol
cialis in las vegas generic tadalafil 20mg india
https://diflucan.icu/# diflucan cost canada
https://withoutprescription.store/# pain medications without a prescription
https://diflucan.icu/# diflucan cost in india
where can i buy clomid tablets clomid for sale
stromectol 12 mg tablets stromectol