Last Updated on July 19, 2021 by Desman Chathuranga
රට හරිත කළාපයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙල යටතේ බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදි කරනු ලැබූ “ජාතික සඳුන් උයන” හෙට (20) දින පස්වරු 6.00 ට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. පසුගිය කාලයේ ලෝකය වෙළාගත් කොවිඩ් – 19 රෝග තත්ත්වය විසින් රට තුළ පැනවූ බරපතල සීමා මායිම් හමුවේ වුව ද 2020 වර්ෂයේ ජූලි මස 20 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ ජාතික වැදගත්කමක් උසුලන මෙම ජාතික සඳුන් උයනෙහි ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව ආරම්භ කෙරිණ. රට තුළ සංවර්ධනය කළ යුතු ප්‍රදේශ හදුනාගනිමින් යටිතල පහසුකම් සහිතව හරිත කළාප ඇතිකිරීමේ වැඩ පිළිවෙලේ එක් සංධිස්ථානයක් වශයෙන් මෙම ජාතික සඳුන් උයන සනිටුහන් කරයි. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 09 ක් වූ ඉතා ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් ඉඩමක්, ලාභයකින් තොරව ජනතාව වෙනුවෙන් යෙදවීම හරිත සංකල්පයේ සාර්ථකත්වයට උදාහරණ සපයයි. අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වූ ජාතික සඳුන් උයන රුපියල් මිලියන 294 ක් වැයකරමින් ඉදිවූවකි. නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් මත, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ ජාතික සඳුන් උයන ශ්‍රී ලංකාවේ අති දුර්ලභ වටිනා රත් හදුන් ශාඛ 300 කින් සහ සුදු හදුන් ශාඛ 900 කින් සමන්විත වෙයි. උයනේ රෝපිත ශාඛ වඩාත් ආරක්ෂාවීම සඳහා පොළව මට්ටමේ සිට අඩි 02 ක් පමණ උස පස් පීඨිකාවක පැළ සිටුවා තිබීම මෙහි විශේෂත්වයකි. එසේම, පසේ තෙතමනය රදවා තබා ගැනීම සහ පැළවලට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා මුගුණුවැන්න පැළ වගාකර ඇත. වෙනස්ම ආකාරයේ පරිසර හිත මිතුරු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ජාතික සඳුන් උයනට ඇතුලුවිය යුත්තේ විශාල ජල පොකුණු දෙකක් මැදිනි. මෙම පොකුණු දෙක ජල ලීටර් ලක්ෂ දෙකකින් සමන්විතයි.පොකුණු දෙක මැදින් තැනූ උස් වේදිකාවක ප්‍රවේශ මාර්ගය පිහිටා තිබේ. එම මග දෙපස මදක් ඉහළ බිත්ති 08 ක් බැද තිබේ. එම බිත්ති මතින් නිරන්තරයෙන් ඇද හැලෙන ජල ධාරා දිය ඇල්ලක සිරිය මවයි. ඉන් අනතුරුව දෙපස වර්ණවත් වන්නේ මල් ගොමු දෙකකිනි. එය පරිසරය සමඟ බද්ධවන සිසිල් ආලෝකයකින් යුක්ත වේ. විවිධ රටා මවන ස්වයංක්‍රීය වතුර මල් රැසක් ද මෙහි පිහිටුවා තිබේ. කුඩා පොකුණු 12 කින් යුත් ප්‍රදේශයක් දක්නට ලැබේ. මෙහි ඇති එළිමහන් රංග පීඨය අතීත රංග පීඨවල සිරිය මවයි. ජාතික සඳුන් උයන නිදහස, විවේකය, හුදෙකලාව, විනෝදය සහ විවිධත්වය මෙන් ම තම සිත කැමති පරිසරය, යහපත් ක්‍රියාවන්, අවස්ථාවන් සඳහා ඊට ගැළැපෙන අයුරින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.ව්‍යායාම කිරීම, යෝග වැඩසටහන් පැවැත්වීම, විවිධ භාවනා වැඩසටහන් කිරිමට ඉතා සුදුසු පරිසරයක් ද මෙහි නිර්මාණය කර තිබේ. හුදෙකලාභාවය අගයන්නන්ට මෙන් ම නිදහසේ කතාබහ කිරීම්වලටද, පවුලේ සාමාජිකයින්ට විවේකීව නිදහසේ ගත කිරීමට ද මෙම ජාතික සඳුන් උයන ඉතා විචිත්‍ර තෝතැන්නක් වේ.
http://buystromectolon.com/ – Stromectol
priligy kaufen
[url=http://cheapdrugs.store/#]treatments for ed[/url]
cheapest cialis tadalafil 20 mg buy tadalafil
ivermectin oral buy ivermectin online
cialis withouth prescriptiong price of cialis 20 mg
https://erectionpills.best/# cheap erectile dysfunction pills online
https://erectionpills.best/# ed drugs list
https://cipro.best/# cipro pharmacy
buy erection pills natural ed remedies