Last Updated on June 23, 2021 by Desman Chathuranga
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා එම තනතුරින් පසුගියදා ඉවත් කල අතර ඊට ආසන්නතම හේතුවක් ලෙස වාර්තා වි තිබුනේ වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍යවරිය අනිවාර්ය නිවාඩු යැවීමේ සිදුවීමයි.
වරාය සේවකයන්ට කොවිඞ් එන්නත ලබා දීමේ දී ප්‍රධාන වෛද්‍යවරිය සේවකයන්ට අමතරව බාහිර පාර්ශ්වයන්ට එන්නත්කරණය සිදුකර ඇති බවත් ඇතැම් විට එන්නත් වෑල්වල ඉතිරිව තිබූ මාත්‍රා එකතු කර එන්නත් කර ඇති බවත් හිටපු සභාපතිවරයාට පැමිණිලි ලැබී තිබුනා.
එසේම ඇය තෝරාගත් තම හිතවතුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කොවිඞ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ඇති බව වරාය චක්‍රලේඛ උල්ලංඝනය කරමින් තමන්ගේ හිතවත් සේවකයන්ට අතිකාල සේවා ලබාදීම සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති විසින් සභාපතිවරයා වෙත පැමිණිලි කර තිබිණි
මේ සම්බන්ධයෙන් වරාය විශේෂ ඒකකය විසින් පැවැත් වූ පරීක්ෂණයකදී ප්‍රධාන වෛද්‍යවරියට එරෙහිව චෝදනා සම්බන්ධයෙන් සාක්ෂිද හමුවි තිබුනා. පසුව සේවක විරෝධය මැඩපැවැත්වීම සඳහා සති දෙකක් තුළ විධිමත් පරීක්ෂණයක් කිරීමට සභාපතිවරයා නියම කර එතෙක් ප්‍රධාන වෛද්‍යවරිය අනිවාර්ය නිවාඩු යවනු ලැබුණි. නමුත් වරාය සභාපතිවරයා එම තනතුරින් ඉවත්කර කර්මාන්ත අමාත්‍යාංශයට පත්කිරිම ඊට පෙර සිදුවුනා.
අනිවාර්ය නිවාඩු යැවූ වෛද්‍යවරිය ප්‍රධාන දේශපාලන පවුලකට ඥාති සම්බන්ධයක් ඇති අයෙකු වේ.
එන්නත හොර පාරේ යැවු වෛද්‍ය නිලධාරීතුමිය අනිවාර්ය නිවාඩු යවයි! එම පුවත පහතින් කියවන්න…
http://buystromectolon.com/ – Stromectol
Priligy
[url=http://cheapdrugs.store/#]ed medicine[/url]
stromectol 12 mg tablets stromectol tablets for humans stromectol for humans for sale