Last Updated on August 24, 2021 by Desman Chathuranga
එංගලන්ත සංචාරය අතරතුරේදී ජෛව ආරක්ෂිත බුබුල බිඳ දමා රාත්‍රී කාළයේදී වීදි සංචාරයේ යෙදීම හේතුවෙන තහනමට ලක්වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තමන්ගේ දඬුවම සම්බන්ධයෙන් නැවතත් සළකා බලන ලෙස ඉල්ලා තිබෙනවා.
මෙම ක්‍රීඩකයින් තිදෙනා සංචාරය අතරතුරේදී ජෛව ආරක්ෂික බුබුල බිඳ දැමූ බව පිළිගත් අතර ඔවුන් තිදෙනා හට ක්‍රිකට් ආයතනය මඟින් මාස 6 ක් දේශීය ක්‍රිකට් තහනම් කර වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර රුපියල් මිලියන 10 බැගින් දඩ නියම කෙරිණි. තවද, තවද එම ක්‍රීඩකයින්ට වසර දෙකකට අත්හිටුවූ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් ද පනවනු ලැබුවා.
කෙසේ නමුත් කුසල් මෙන්ඩිස් , දනුශ්ක ගුණතිලක හා නිරෝශන් දික්වැල්ල තමාගේ දේශීය ක්‍රිකට් දිවිය නැවත හැකි ඉක්මනින් ආරම්භ කිරීමට හැකි වන පරිදි මෙම තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා ඇති අතර මෙන්ඩිස් හා ගුණතිලක අගෝස්තු 9 වෙනිදා ත්, නිරෝශන් දික්වැල්ල අගෝස්තු 12 වෙනිදා ත් අභියාචනා ඉදිරි පත් කර ඇති බව Sunday Times පුවත්පත මඟින් ඉදිරිපත් කර තිබුණා.
දැනටමත් ඔවුන් තිදෙනා හට තරඟ ගණනාවක් අහිමි වී ඇති අතර විස්සයි 20 ලෝක කුසලානයද අහිමි වන හෙයින්, ඔවුන්ගේ වැරදි ක්‍රියාවන්ට දඬුවම් ලබා ඇති වබ ඔවුන් පවසා ඇති අතර, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ අභියාචනා පිළිගෙන ඇති නමුත් තවමත් විභාගයට දිනයක් නියම කර නොමැත.
මේ අතර, ඔවුන් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදී ඇමරිකා කණ්ඩායම සමඟින් එක්ව ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සැරසෙන බවට පැතිර යන කටකථා සම්බන්ධයෙන් අදහස් Sunday Times පුවත් පතට අදහස් දක්වමින් ඔවුන්ගේ පෞද්ගලික කළමනාකරුවන් පවසා ඇත්තේ එය සම්පූර්ණ අසත්‍යව බවයි. තවද දික්වැල්ල විසින් තමන් අතින් සිදු වූ වැරැද්ද සම්බන්ධයෙන් පසුතැවෙන බව ද පවසා තිබිණි.
ඔවුන් තිදෙනා නැවත ශ්‍රී ලංකාව නිරෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, නැවත කණ්ඩායම සමඟින් එක් වීමේදී පුහුණුවීම් කර හොඳින් දක්සම් අතරට පැමිණෙමින් නැවත කණ්ඩායම සමඟින් එක් වීමේ අවශ්‍යතාව හේතුවෙන් ඔවුන් එම ආයාචනාව ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ට අවම වශයෙන් දේශීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි තහනම අඩු කරන ලෙසත්, ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ඔවුන් දැනටමත් විශාල මිලක් ගෙවා ඇති අතර, ඔවුන්ගේ හැකියාවන් අනුව, අභියාචනා වාසිදායක ලෙස සලකා බලන ලෙසට ඉල්ලා සිටි බව වැඩිදුරටත් සඳහන් කර තිබුණි
[url=http://cheapdrugs.store/#]ed vacuum pumps[/url]
generic finasteride 1mg no prescription buy propecia without a prescription finasterid
cialis without a rx cialis buy australia
ivermectin rx buy ivermectin online
us online cialis cialis pills
https://erectionpills.best/# best ed drugs
https://diflucan.icu/# purchase diflucan online
order stromectol over the counter stromectol 3mg tablets