counter hit xanga
February 5, 2023

නිකං බොඩ් අල්ල,අල්ල යන්න එපා! Video

Last Updated on June 28, 2021 by Desman Chathuranga

අතීතය ගැන පමණක් කථා කරමින් සිට වත්මන් ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට නොහැකි යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුණු නවක මන්ත්‍රීවරුන් 72 දෙනකු සිය ධුර වල දිවුරුම් දීම වෙනුවෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (28) පැවැති කෙටි උත්සවය අමතමින් වික්‍රමසිංහ මහත මේ බව කියා සිටියා. නවක මන්ත්‍රීවරුන් අමතමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ නිකං බොඩ් අල්ල,අල්ල යන්න එපා යනුවෙනි.

පශ්චාත් කොරෝනා යුගයේ රට ගොඩනැගීමට ඇති එකම මඟ කිසිම දේශපාලන පක්ෂයකට වෙනස් කළ නොහැකි ශක්තිමත් දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම බවද වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළා.