counter hit xanga

පාස්කු කොමිසමේ වාර්තාව අධ්‍යයනය කළ කමිටුවේ වාර්තාව ජනපති අතට!

Last Updated on April 18, 2021 by virajariyawansha

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කළ කමිටුවේ වාර්තාවේ හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමට නියමිතව තිබෙනවා.පසුගිය 15 වැනිදා එය භාරදීමට නියමිතව තිබුණත්, වැඩිදුර විමර්ශන සඳහා කමිටුව සති දෙකක කාලයක් ලබාගත්තා.

ඒ අනුව කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර හෙට එය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි කමිටුවේ සාමාජික, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ. මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය 04 වන දිනටත් අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පසුගියදා සඳහන් කළා.