Last Updated on July 19, 2021 by Desman Chathuranga
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිෙවසේදී පිලිස්සී මිය ගිය දහසය හැවිරිදි දැරිය දීර්ඝකාලයක සිට දූෂණයට ලක් වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් දැනුම් දී ඇතැයි බොරැල්ල පොලිසිය විසින් අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට දැනුම් දෙන ලදී.
ඒ අනුව එම දැරිය මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට පැමිණීමෙන් පසුව එලෙස දූෂණයට ලක් වුවා ද නැතිනම් එහි ඒමට පෙර සිය නිවසේ සිටිය දී දූෂණයට ලක් වී තිබුණා ද යන්න පිළිබඳ මේ වන විට විමර්ශන සිදු කරන බව ද බොරැල්ල පොලිසිය අධිකරණය හමුවේ කරණු වාර්තා කළේය.
දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් මෙම දැරියගේ මරණය ඇය විසින් සිරුරට ගිනි තබාගෙන සිදු වූ මරණයක් හා ඇයගේ යෝනි ද්‍රෝණියට බොහෝ ප්‍රවේශයන් දීර්ඝ කාලයක සිට විශාල ලෙස සිදු වී ඇති බව අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වී ඇති බව බොරැල්ල පොලිසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර සිටියේය.
මෙම දැරිය පසුගිය 03 වන දින සිරුරට ගිනි ඇවිළී කොළඹ මහ රෝහලේ 72 වාට්ටුවට ඇතුළත් කර ඇති බවත් එදින සිට ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 15 වන දින දැරිය මියගිය බවත් බොරැල්ල පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.
දැරිය මිය යාමේ සිද්ධියෙන් පසු ඒ සම්බන්ධව සෝකෝ ආයතනය මගින් පරික්ෂා කළ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවට බොරැල්ල පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර සිටියේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මිය ගිය දැරියගේ මව, මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් යන අයගේ මාමා හා දැරියගේ සහෝදරයාගේන් ප්‍රකාශ ලබාගෙන ඇති බවට එම ප්‍රකාශ වාර්තා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේය.
කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ දැරියගේ දේහය ඇයගේ සහෝදරයාට බාර දීමට කටයුතු කරන ලෙස නියෝග කළ අතර ඉදිරි දින මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දීම සඳහා දැරියගේ පවුලේ අය හා දැරිය සේවය කළ රිෂාඩ් බදියුදීන් යන අයගේ පවුලේ අයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කළාය. බොරැල්ල පොලිස් වසමේ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යේදී සිටි ඩයගම ප්‍රදේශයේ පදිංචි දැරියක් පසුගිය ජූලි මස 03 වන දින පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබු අතර පසුගිය 15 වන දින දැරිය මිය ගොස් තිබිණි.
මෙම දැරිය 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම නිවසට රැගෙනවිත් ඇති බව ද එසේ රැගෙන එනවිට එම දැරියගේ වයස අවුරුදු 15යි මාස 11ක් බවද සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
https://buystromectolon.com/ – ivermectin side effects
hydroxychloroquine 400 mg buy online
[url=http://cheapdrugs.store/#]impotance[/url]
stromectol 12 mg tablets stromectol 12 mg tablets stromectol for sale
can you buy cialis without a prescription tadalafil 20mg
buy ivermectin stromectol 3 mg tablets price
prices on cialis price of cialis 20 mg
https://cipro.best/# ciprofloxacin order online
https://withoutprescription.store/# comfortis without vet prescription
stromectol 12 mg tablets ivermectin over the counter