counter hit xanga
October 22, 2021

බස්නාහිරට ලැබුන එන්නත් නියෝගය!

Last Updated on July 2, 2021 by Panduka Herath

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මස 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදි තිබේ.

එන්නත්කරණය සහ කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේදී අද (02) පැවැති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදි තිබේ.

දිවයිනේ සියලුම ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට ලබන සැප්තැම්බර් මාසයට පෙර එන්නත ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.