counter hit xanga
October 26, 2021

මහමොළකරු ගැන වජිරට ප්‍රශ්ණයක්!

Last Updated on April 18, 2021 by virajariyawansha

පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවටවත් නොකැදවූ නවුෆර් මවුලවි හිටි හැටියේම පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූවේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂ සභාපති  වජිර අබේවර්ධන මහතා ප්‍රශ්ණ කරනවා.

නවුෆර් මවුලවි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය වූ දින රාත්‍රියේම යහපාලන ආණ්ඩුව යටතේ බව පැවසු වජිර අබේවර්ධන මහතා කියා සිටියේ  මෙම සැකකරු පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් සමග ඇතිකර ගත් ගැටුමක් හේතුවෙන් ඔවුන්ගෙන් ඉවත්වූ බවට පරික්ෂණවලදී හෙළිව ඇති බවයි.

පාස්කු දින ප්‍රහාරයට අකමැත්ත පළකරමින් ඉවත් වූ පුද්ගලයා ප්‍රහාරයේ මහමොලකරු නම් ඔහු අනිවාර්යයෙන්ම පාස්කු කොමිසමට කැදවා ප්‍රශ්න කළ යුතුව තිබු නමුත් එලෙස කටයුතු නොකළේ කාගේ බලපෑමෙන්දැයි රජය වහාම ප්‍රකාශයක් කළ යුතුයැයිද සභාපතිවරයා කියා සිටියේය.

විදෙස්ගත පුද්ගලයන් හා විදෙස්ගත බුද්ධි අංශ ගැන විමසා බලන ලෙස පාස්කු වාර්තාවේ සදහන් වෙද්දි නවුෆර් මවුලවි මහමොළකරු ලෙස හැදින්වීමට හේතු සාධක මොනවාදැයි රජය ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතුව ඇතැයි ද වජිර අබේවර්ධන සදහන් කර තිබේ.