Last Updated on August 24, 2021 by Desman Chathuranga
මෙරට සියලු පවුල් ඒකකවලට ආයුර්වේද ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාවක් ලබාදීමේ ජනපති තීරණයට අනුව, ඉදිරි සති දෙක තුළ දී එහි පළමු පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අභයගුණවර්ධන පවසනවා.
මෙම ඖෂධ මංජුසාවේ ප්‍රතිශක්තිකරණ ඖෂධ වන සුව ධරනී ඇතුළු ඖෂධ වර්ග, ඉඟුරු කොත්තමල්ලි පානය චූර්ණයක් ලෙස ලබාදෙන කසායක්, හා පෝෂණීය ආහාරයක් අන්තර්ගත වෙනවා.
රුපියල් දහසක් පමන වටිනා මෙම ඖෂධ මංජුසාව සම්පූර්ණයෙන්ම නොමිලේ බෙදාහැරීම සඳහායි කටයුතු සූදානම් කර ඇත්තේ. ලංකාවෙ සිටින සියලු ම පවුල් ඒකක සඳහා මෙය ලබා දීමට සැලසුම් කර ඇති අතර පවුල් ලක්ෂ 25ක් වෙත පළමුවෙනි අදියරයේ දී මෙය ලබා දෙනු ඇති.
පවුලක සංඛ්‍යාව හතර දෙනෙක් යන ගණනය කිරීම් මත මෙම මංජුසාවේ සති දෙකකට අවශ්‍ය ඖෂධ අන්තර්ගත කර තිබෙන බවයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අභයගුණවර්ධන පවසන්නේ.
කොරෝනා රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ග යැ යි කියමින් ඇතැමුන් පැණි, ගුලි, චූර්ණ ආදී විවිධ ආයුර්වේද ඖෂධ වර්ග සමාජ මාධ්‍ය හරහා අලෙවි කිරීමට ක්‍රියා කිරීම තුළින් මෙරට මහජනතාවට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ව යම්කිසි කුකුසක් ඇති වූ බව ආයුර්වේද කොමසාරිස්වරයා පවසා සිටියා.
නමුත් රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කොට නිෂ්පාදනය කරනු ලබන ප්‍රතිශක්තිකරණ ඖෂධ භාවිතය සඳහා කිසිසේත් බිය විය යුතු නැති බවට යි ඔහු අවධාරණය කරන්නේ.
මෙම ඖෂධ මංජුසාවේ ඇති සියලු ඖෂධ, රජයේ ආයුර්වේද වෛද්‍ය මණ්ඩල සූත්‍ර කමිටුවේ නිර්දේශයට අනුව නිෂ්පාදනය කළ ඒවා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
දේශීය වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර කරනු ලබන්නේ රෝගයට නො ව රෝගියාට බවත් දිවයින පුරා විසිර සිටින ආයුර්වේද ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන්ගෙන් හා ලියාපදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන්ගෙන් හැර කිසිම සුදුසුකමක් නැති අයගෙන් උපදෙස් ලබා නො ගන්නා ලෙසටත් ඔහු අවධාරණය කරනවා.
එමෙන්ම මේ වන විට කොරෝනා ආසාදනය වී නිවෙස්ගත ව ප්‍රතිකාර ලබාගන්නා අයට ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ සුව ධරණී උපදේශන සේවාව ද ලබා දෙන බව ඔහු පවසා සිටියා.
[url=http://cheapdrugs.store/#]tadalafil without a doctor’s prescription[/url]
stromectol without a doctor prescription stromectol 3 mg tablets price stromectol pills for humans
purchase generic cialis tadalafil
cost of ivermectin generic ivermectin
whats better viagra or cialis generic version of cialis
non prescription cialis sfter market cialis
https://cipro.best/# purchase cipro
https://cipro.best/# buy cipro
https://erectionpills.best/# ed pills comparison
prescription drugs pain meds without written prescription
what is the best ed pill treatments for ed