Last Updated on January 28, 2023 by Dheerasinghe
හරිත කර්මාන්ත සඳහා නව යුරෝපා සංගම් අරමුදල් පිහිටුවීමේ යුරෝපීය කොමිසමේ සැලැස්මට එරෙහිව සාමාජික රටවල් 7 ක් ලිපියක් යොමු කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඔස්ට්‍රියාව, අයර්ලන්තය, එස්තෝනියාව සහ ස්ලෝවැකියාව එම රටවල් හතයි. ජනවාරි 26 දින අත්සන් කරන ලද එම ලිපිය යුරෝපීය කොමිසමේ වෙළඳ කටයුතු උප සභාපති Valdis Dombrovskis වෙත යොමු කර ඇත.
යුරෝපා සංගමය තවත් මුදල් සෙවීමට වඩා දැනටමත් අනුමත මුදල් භාවිතා කළ යුතු බව එම අරමුදල් සැලැස්මට විරුද්ධ සාමාජික රටවල් ලිපිය මගින් තර්ක කොට ඇතැයි රොයිටර් පුවත් වාර්තාවේ සඳහන් වේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?