counter hit xanga
March 26, 2023

රට වැසීමෙන් දිනක පාඩුව කෝටි 1500 ක්

Last Updated on August 23, 2021 by Desman Chathuranga

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් රජයට දෛනිකව රුපියල් කෝටි එක්දහස් පන්සියයක පමණ පාඩුවක් සිදුවන නිසා අගුළුදැමීම් හැකිතරම් කෙටිකිරීමට කටයුතු කළයුතු බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ පෙරේදා (21 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“මේ වගේ තත්ත්වයක් ඇති වුණහම රටේ වර්ධන වේගයට, රටේ දළ දේශීය නිෂ්පාදිතයට යම් බලපෑමක් එල්ල වෙනවා. රට වැසීම මගින් ඇතිවන පාඩුව අවම කර ගැනීමට නම් අපි පුළුවන් තරම් ඉක්මණින් රට යථා තත්ත්වයකට ගෙන එන්න ඕනේ.’ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය