Last Updated on October 1, 2022 by Desman Chathuranga
ප්‍රතික්‍රීයක නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි බොහෝ ජීව රසායන පරීක්ෂණ වසා දමා ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, ළගම ඇති පෞද්ගලික රසායනාගාරවලින් වාසි නිසා බොහෝ අය මේ බරපතල තත්වය ගැන මුනිවත රකිමින් සිටින බවයි.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිකුත් කළ නිවේදනයක් පහත දැක්වේ.
ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි බොහෝ ජීව රසායන පරීක්ෂණ, ඒ සදහා ප්‍රතික්‍රීයක නොලැබීම නිසා නවතා දමා ඇත. ඒ හේතුවෙන් රෝගීන්ව ජාතික රෝහල අවට ඇති පෞද්ගලික රසායනාගාර වෙත යොමු කරවමින් සිටින බවත්, ඇතැම් රසායනාගාර සමග ජාතික රෝහලේ ඉහල නිලධාරීන්ගේ සෘජු සම්භන්ධතා පවතින බැවින්, කිසිවෙක් මෙම තත්වයට පිළියම් යෙදීමට උත්සාහ නොකරන බව, ජාතික රෝහල් අභ්‍යන්තර තොරතුරු මගින් තහවුරු වේ.
පෞද්ගලික රසායනාගාර වෙත පරීක්ෂණ යොමු කිරීම ජාවාරමක් ලෙස සිදු කෙරෙන බැවින් හා බොහෝ පාර්ශවයන් සදහා
එමගින් ලැබෙන බැවින් ඊට පිළියම් යෙදීම තබා අධ්‍යක්ෂක වරයා පවා මේ පිළිබදව නොදැනුවත් බවකින්සේ කටයුතු කිරීම හේතුවෙන් රෝගීන් දැඩි අර්බුධයකට ලක්ව ඇති ඇතර, මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පරිදි දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවද වාර්ථා වේ.
ALT, AST, Bilirubin, Creatinine, Cholesterol, HDL, ALP Protein, Magnecium, Calcium, Amylase, TSH, වැනි අත්‍යවශ්‍ය පරීක්ෂණ ඒ අතර වන බවත්, හදිසි හා අත්‍යාවශ්‍ය සේවා රසායනාගාරයේ සිදු කල හැකි උපරිම සංඛ්‍යාව පරීක්ෂණ දෙක තුනකට සීමා වී ඇති බවත්, එම පරීක්ෂණද සිදු කරනු ලබන්නේ රෝහල තුලම නිපදවා ගන්නා ප්‍රතික්‍රීයක භාවිතයෙන් බව වාර්ථා වේ.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කලේ ප්‍රතික්‍රීයක නැතිවීමට හේතුව මුදල් නොමැතිකමටත් වඩා, ඇතැම් විශේෂඥයින් තමන් කැමති සමාගමෙන් පමණක් ප්‍රතික්‍රීයක් ලබා ගැනීමේ දැඩි ඒකාධිකාරයක් පවත්වා ගැනීම බව ප්‍රකාශ කලේය. ජාතික රෝහල සදහා ලබා ගැනීමට උත්සාහ කරනු ලබන ඇතැම් ප්‍රතික්‍රීයක ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නොලැබූ ඒවා වන බැවින්, එම සියලු කටයුතු අවසන් වන තුරු රෝගීන්ට පරීක්ෂණ නොකොට බලා සීටීමට සිදුව ඇති බවද, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් රැසක් තිබියදී සහ ඒවායෙන් වඩා ලාභදායී ලෙස ප්‍රතික්‍රීයක ලබා ගැනීමට හැකිව තිබියදී, ඒවා දැඩිව ප්‍රතික්ෂේප කරමින් මෙම අර්බුධය හිතා මතා නිර්මාණය කරනු ලබන එකක් බවට පෙනෙන්නට තිබෙන බව, ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ඉන්දියානු ණය ආධාර පහසුකම් ඩොලර් මිලියන 60කට වඩා තවදුරටත් ඉතිරිව තිබියදී සහ හතර ගුණයකට වඩා ලාභදායී ප්‍රතික්‍රීයක ඉන්දියාවෙන් ගෙන්වා ගත හැකිව තිබියදී, ප්‍රතික්‍රීයක හිගවීම රසායනාගාර සේවාවේ බ්‍රෑන්ඩඩ් මාෆියාවේ කොටසක් බවත්, රසායනාගාර සේවා අංශයට වෙන් කල ප්‍රතිපාදන වලින් මිලියන 125ක් ප්‍රයෝජනයට නොගෙන හරවා යවා තිබෙන තත්වයක් යටතේ රට පුරා ප්‍රතික්‍රීයක හිගයක් පැවතීම සහ ඉතා අසරණ අඩියකට පත්ව ඇති මහ ජනතාවගේ පරීක්ෂණ ටික සිදු කිරීමට නොහැකි තත්වයක් ඇති කර ඔවුන්ව පෞද්ගලික රසායනාගාර වෙත යොමු කර සාමූහිකව ගසා කෑම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාළණ වැරදි නිසා සිදු වන්නක් බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කලේය.
එසේම මේ පිළිබදව සිදු කල සොයා බැලීමකදී ජාතික රෝහල තුල මිලියන ගණන් වැය කරමින් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව අනවශ්‍ය ලෙස ගෙන්වා ගත් රසායනාගාර ස්වයංක්‍රීය යන්ත්‍ර රැසක් පවතින බවත්, වැඩ කරන තත්වයේ උපකරණ පසෙක දමා නැවත නැවත උපකරණ මිලදී ගැනීමේ සංස්කෘතියක් එම රෝහල තුල පවත්වා ගැනීම පිළිබදව රසායනාගාර වෘත්තිකයින්ද වග කිව යුතු බවත්, එය රජයකට දැරිය නොහැකි වියදමක් බවට පත් වීම මෙම ගැටළු ඇති වීමට හේතුවක් වී ඇති බවත්, ඒ පිළිබදව සෞඛ්‍ය ඇමතිවරයාව පවා දැනුවත් කර ඇති බවත් අමාත්‍යාංශ උසස් නිළධාරියෙකු පැවසීය.
–රවී කුමුදේශ්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?