Last Updated on July 15, 2021 by Panduka Herath
ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැළණි පාලමේ කැළණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම් කොටසේ ඉදිකිරීම් අවසන් කර පාලම යාකිරීමෙන් පසු ගුවනට දිස් වන අයුරු.
මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06 කින් යුත් නව පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වේ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය වේ.
කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබයි. පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් වැය වන අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට නවීන ඉංජිනේරු තාක්ෂණයෙන් සමන්විත අධි තාක්ෂණික කේබල් මත මෙම නව කැළණි පාලම ඉදිකර ඇත. කල්පවත්නා අධි තාක්ෂණික රැහැන් සහ ගංඉවුර මත දෙපසට විහිදෙන විශාල කුළුණු 2 ක් මගින් ප්‍රධාන පාලමේ බර දරා සිටින ආකාරයට, දෙපසට සමාන බර ලැබෙන පරිදි මෙම පාලම නිර්මාණය කර ඇත
[url=http://cheapdrugs.store/#]mens ed[/url]
sildenafil citrate tablets 100 mg sildenafil viagra where to buy
cialis dapoxetine overnight shipment tadalafil without a doctor’s prescription
stromectol medicine ivermectin tablets
cialis 36 canada cialis pills
cialis dopoxetine cialis pills