Last Updated on May 3, 2021 by Desman Chathuranga
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 209 කින් ජයග්‍රහණය ලබා ගත්තා.ශ්‍රී ලංකා පිල එම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1 – 0 කින් ද ජය ගත්තා.
ජයග්‍රහණය සඳහා ලකුණු 437 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 227 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වු අතර ප්‍රවීන් ජයවික්‍රම සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 178 කට කඩුලු 11 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න තරගාවලියේ වීරයා ලෙස සම්මානට පාත්‍ර විය.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම කඩුලු 7 ට 493
බංග්ලාදේශ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී 252
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම කඩුලු 9 ට 194
බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 227
More Stories
තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා අභියාචනාවක් ඉදිරිපත් කරයි.
දනුශ්ක ගුණතිලක ඇමරිකාවට යයි හෙට සිට ඇමරිකන් ටීමි එකට සෙල්ලමි කරයි.
ක්‍රිකට් පිටියෙ රජු වන විරාට් කෝලි කුසල් මෙන්ඩිස්ගෙ වාර්තාවක් සම කරයි – වැඩි විස්තර මෙතනින්