counter hit xanga
October 22, 2021

සජිත්ගේ, ගම්මට්ටම,බිම්මට්ටම සමතලා වෙයි!

Last Updated on July 1, 2021 by Panduka Herath

මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතනවල ආයතන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව මේ වන විට වැඩිම මන්ත්‍රී පිරිසක් නියෝජනය කිරීමෙි අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට හිමිවී තිබෙින බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ වන විට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවල  දෙවැනි ස්ථානයට මන්ත්‍රීධුර හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බව
පළාත් පාලන මන්ත්‍රීවරුන් පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයට තිබූ බලය අඩු වී  ගියද මෙි වන විට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1500 කට ආසන්න ගණනක් නැවත එක්සත් ජාතික පක්ෂය නියොජනය කරන බවයි රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ.

පැවැති මැතිවරණවලදී සමගි ජන බලවේගයට සහය දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන්  ඉදිරියේදී යළිත් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතව සිටින බව කී රංගෙ බණ්ඩාර මහතා තවමත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ  මන්ත්‍රීවරුන්ටත් දේශපාලන අනාථයන් ලෙස  සිටීමට නොහැකි හෙයින් අනිවාර්යෙන් එජාපය සමග එක් වීමට සිදුවන බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවට සුදුස්සන් නම් කිරීමේ  කටයුතු ද ඉදිරියේදී සිදු කිරීමට  නියමිතව ඇති බවද ඔහු සදහන් කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය යෙදෙන සැප්තැම්බර් 6 වන දින මුල් කරගනිමින් පක්ෂයේ සියලු අංශ බල ගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් පවතී.

පක්ෂ සංවත්සරයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ සිට ගම තෙක් දිවෙන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් අරඹා තිබෙන බව එජාප පළාත් පාලන කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත්  සමරසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරුණු පක්ෂයේ සියලු අංශ බල ගැන්වීමේ වැඩපිළිවෙළ ද මේ වන විට සකසා අවසන් බව  සන්දිත් සමරසිංහ මහතා සඳහන් කළේය.