counter hit xanga
March 26, 2023

සාම්ප්‍රදායික වසන්ත උත්සවයට පෙර චීන ජනපතිගෙන් ජනතාවට සුබ පැතුම්

Last Updated on January 19, 2023 by Dheerasinghe

චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය උදාවීමට පෙර, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් බිම් මට්ටමේ නිලධාරීන් හා ජනතාව හමු වෙමින්, විවිධ ජන කොටස් වෙත නව වසරට හෘදයාංගම සුබ පැතුම් පිරිනමා ඇත. 

ජනතාවට සෞඛ්‍යය, සතුට ලැබේවායැයි ද ව්‍යාපාර සාර්ථක වේවායැයි ද සුබ පැතූ ඔහු, රටේ සෞභාග්‍යය හා සාමය සඳහා ද සුබ ප්‍රාර්ථනා කර ඇත.

ඔහු විශේෂයෙන් ෆූ ජියන් පළාතේ ෆූ චෞ නගරයේ සමාජ සුබසාධන ආයතනයේ වැඩිහිටියන් හා සේවකයින් සමග වීඩියෝ ආකාරයෙන් හමු විය. ඔවුන් ජනාධිපතිවරයාට ආචාර දැක්වූ අතර ජනාධිපතිවරයා ඔවුන්ට නව වසරට සුබ පැතුම් පිරිනැමුවේය. 

අනතුරුව ෂී ජින්පිං මහතා දුම්රිය සේවාවෙහි නිරතව සිටි සේවකයින් වීඩියෝ තාක්ෂණයෙන් හමු විය. වේදිකාවේ සිටි මගීහූ විද්‍යුත් තිරයේ පෙනී සිටින ෂී ජින්පිං මහතා දැක සැනෙකින් ඉතා උනන්දුවෙන් ඔහු වෙත ආචාර දැක්වූහ.

Sichuan පළාතේ Shiyi ගම්මානය, Wenchuan භූමිකම්පාවෙන් පසු ප්‍රතිසංස්කරණ කර, වර්තමානයේ එය චීනයේ ශිෂ්ඨාචාරය පිළිබඳ ජාතික ආදර්ශ ගම්මානයක් බවට පත්ව ඇත. ගම්මානයේ නායකයින් හා එහි සංචාරකයින් සමඟ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ ආකාරයෙන් සංවාදයක නිරත විය. ගම්මානයේ ආදායම සහ වසන්ත උත්සව කාලය නිමිත්තෙන් එහි සංචාරක කර්මාන්තය පිළිබඳව ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ. 

Heilongjiang පළාතේ Harbin වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහලේ වෛද්‍ය සේවකයින් හා රෝගීන් වෙත ද ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් සුබ පැතුම් එක් කළේය. රටේ වසංගත පාලන ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය කිරීමෙන් පසුව රෝහලේ උණ රෝගී අංශයේ තත්ත්වය, බරපතල රෝගීන්ට ප්‍රතිකාර කිරීම, ඖෂධ සැපයුම හා රෝගීන්ගේ පුනරුත්ථාපනය පිළිබඳව ෂී ජින්පිං මහතා සවිස්තරාත්මකව විමසා බැලුවේය.

අවසානයේ ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් සිදු කළේය. ගෙවී ගිය වසර, අසාමාන්‍ය හා අසීරු වසරක් බවත් අප එක්ව විවිධ දුෂ්කරතා හා අභියෝග ජය ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය. එම ජයග්‍රහණයට සෑම කෙනෙක්ම ශ්‍රේෂ්ඨ දායකත්වය ලබා දී ඇත. නව වසර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ජීවගුණය මුළුමනින්ම අනුගමනය කිරීමේ ආරම්භක වසරය. විශ්වාසය තහවුරු කර ගෙන, එක්සිත්ව වැඩ කරමින් නව වසරේදී වඩාත් වැඩි ජයග්‍රහණ දිනා ගැනීමට උත්සාහ දැරීමට ඔහු එහිදී ජනතාව වෙත බලාපොරොත්තු එක් කළේය.