counter hit xanga
October 21, 2021

හැමෝම බලාගෙන ඉන්නේ මගේ තව මොනවා හරි ගැලවෙනකන්-පියුමි සංවේදීව කියපු කතාව

Last Updated on August 4, 2021 by Panduka Herath

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන සුන්දර රූ සපුවකට හිමිකම් කියන කෙනෙක්. පහුගිය කාලේ පියුමි ගැන වැඩි කතාබහක් ඇතිවුණේ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සැමරුම එක්ක නිරෝධායනයට යොමු කිරීමත් එක්ක.

මේ දවස්වල පියුමි මොකද කරන්නේ, ඇතිවුණු ප්‍රශ්න දැන් සියල්ල අවසන් වෙලාද?

පියුමි රට හැර යන්න සුදානම් වෙනවා කියන්නේ ඇත්තද? මේ සියල්ල ගැන පියුමි මෙලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. පියුමි මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල මම රට යන්න ලෑස්ති වෙනවා. ඒ වෙනුවෙන් තියෙන වැඩ එක්ක මම ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.

පියුමි හංසමාලි කියන්නේ රංගනයටත් හැකියාව තියෙන කෙනෙක්. හැබැයි ඒ පැත්තෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නේ නැහැ?

ඒක කතාවට මම එකඟයි. මම හැමදාම හිතන දෙයක් තමා මම රඟපාන්න දන්නේ නැහැ කියලා. මේ වෙද්දී ටෙලි නිර්මාණ දෙකකට සහ චිත්‍රපට දෙකකට මම රංගයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව මම මියුසික් වීඩියෝ කිහිපයකට දායක වෙලා තියෙනවා.

පියුමි ගැන සමාජ මාධ්‍ය තුළ කතාවෙන්නේ වෙනස් විදියට, ඒ ගැන මොකද හිතෙන්නේ

කෙළින්ම කියන්න එපැයි. ලංකාවේ මිනිස්සු ගොඩක් හරි කුහකයි. තව කෙනෙක් ලස්සනට ඇඳලා කරලා ජිම් එකකට ගිහිල්ලා පෙනුමට ඉන්නවා දකින්න කැමති නැහැ. ඒක බලාගෙන ඉන්න බෑ. ඔය දේ මිනිස්සුන්ගේ හැටි මම දැනගෙන හිටියේ. ඒ දේ හොඳටම දැනුණේ මම නිරෝධායනයට පස්සර ගිහින් ඉන්නකොට. මොකද මම සාමාන්‍යයෙන් සති දෙකෙන් දෙකට නේල් ස්පා ගිහිල්ලා මම මගේ මේන්ටෙන්ට්ස් හරියටම කරනවා. නිරෝධායනය මධ්‍යස්ථානයේ ඉන්නකොට ඔය දේවල් නැහැනේ. මම තනියම ෆෙෂල් කරගත්තා නමුත් මට නියපොතු ටික දාගන්න විදියක් නැහැනේ. ඉතින් කම්මැළි වෙලාවට මට කමෙන්ට් කරපු ඒවා බලද්දී මම දැක්කේ ගැහැනු අයම දාලා තිබ්බේ ආ හොඳ වැඩේ නේල්ස් ටික ගැලවිලා, තව මොන මොනවා ගැලවෙයිද වගේ දේවල්. තව මදුරුවෝ කාලා මගේ අතේ රතු බිබිලි ටිකක් දාලා තිබ්බා. ඒවා ළංකරලා ෆොටෝ අරන් පිරිමි අය දාලා තිබ්බේ හොඳ වැඩේ අරකිව මදුරුවෝ කාලා කියන කමෙන්ට්. අර පොඩි මදුරුවෙක් කාපු එකට ඒ අය කොයි තරම් නම් සතුටු වෙලාද

පියුමි ගැන මොන විවේචන තිබ්බත්, පියුමි පුතා එක්ක තියෙන බැඳීම ගැන ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම සාමාන්‍ය පවුලක ඉපදුණ හරිම දුප්පත් ගැහැනියක්. මට පුළුවන් විදියට මම මගේ ළමයට සලකනවා. මගේ පුතා දන්නවා මගේ ළඟ සල්ලි තියෙනවද නැද්ද කියලා.සල්ලි තියෙනවා නම් අරක ඕනේ මේවා ඕනේ කියලා ඉල්ලුවට සල්ලි නැත්නම් ගෙදර හදන බත් එකම කකා ඉන්න ළමයෙක්. මම මගේ දරුවාගේ උපන්දිනය ට පවා යන්නේ අසරණ වෙලා ඉන්න දරුවන් ඉන්න තැනකට.අම්මලට තුරුල්වෙලා ඉන්න ඕනේ කාලේ අර බිත්ති හතරකට මැදිවෙලා තනියම ඉන්නවා දකිද්දී ඒ අම්මලා මේ දරුවන් මෙහෙම දාලා ගිහින් බත් වේලක් හරි කාලා ඉන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. මම පුතාවත් හදාගෙන මගේ අම්මවත් බලාගෙන මමත් ජීවිතේ විඳවන්නේ නැතුව විඳිනවා. මම දන්නේ නැහැ මිනිස්සු ඇයි මට බනින්නේ කියලා. දැන් නම් පුතාගෙන් පියුමිට තහංචි තියෙනවා නේද? අයියෝ ඔව්. මම පුතාගේ පාසලට යද්දී නම් දිග ගවුමක් හරි ඩෙනිම් එක හරි ඒ තැනට ගැළපෙන විඳියට ඇඳලා තමා යන්නේ. නමුත් මම යාළුවො එක්ක එළියට යද්දී මම හරි ආසයි ෆැෂන් කරන්න. දැන් පුතා ඒකට නීති දානවා. කොට ඇඳුමක් ඇඳන් හිටියොත් ඕක හරියන්නේ නැහැ මේක ඇඳන් යන්න කියලා දිග සායක් ගෙනත් දෙනවා. මෙයාට තාත්තා කෝල් එකෙන් කතා කරනවනේ. මම හිතන්නේ එයා එක එක ඒවා ඔළුවට දානවා ඇති. කොට එකක් හරි උඩින් ඕපන් එකක් හරි ඇන්දොත් මොනවද අනේ මේ ඇඳලා ඉන්නේ ඔක්කොම පේනවනේ කියලා දැන් පුතාගෙන් හරි බර බරේ. මම හිතන් ඉන්නේ දැන් පුතා එක්ක ඔස්ට්‍රේලියාවට වගේ යන්න. එයාගේ අධ්‍යාපන කටයුතු ගැන හිතලා. එහෙ ගියාම නම් මේ දේවල් හරි යයි.