counter hit xanga
March 26, 2023

生日快乐的一天

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කරමින් දෙරටේ උපායමාර්ගික සබඳතාව වර්ධනය කරනවා..

Last Updated on June 20, 2021 by Desman Chathuranga

ලෝකය අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවේදී චීනය හා ශ්‍රී ලංකාව එකිනෙකා පිළිබඳව සළකා බලමින් සමීපව වැඩ කර ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත උපන්දින සුභ පැතුම් එක්කරමින් චීන ජනපති Xi Jinping (ෂී ජින්පින්) මහතා පවසයි.

අදට (20දා) යෙදි තිබේන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 72 වන උපන්දිනය වෙනුවෙන් ලිපියක් එවමින් චීන ජනාධිපතිවරයා එම සුභ පැතුම් එක්කර තිබේ.

චීන ජනපති සදහන් කර ඇත්තේ චීන – ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම පිළිබඳව තමන් වැඩි වැදගත්කමක් දී ඇති බවයි.ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කරමින් දෙරටේ උපායමාර්ගික සබඳතාව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බවත් ඒ හරහා දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙනු ඇති චීන ජනපති සිය පණිවිඩය හරහා පෙන්වා දි තිබේ.

ශ්‍රි ලංකාවේ චීන තානාපති කාර්‍යාල සිය නිළ twitter ගිණුමේ පණිවිඩයක්ද සටහන් කරමින් ඒ ගැන සදහන් කර තිබේ.