counter hit xanga
February 3, 2023

පැය 10ක විදුලි කප්පාදුවක්!

Last Updated on September 11, 2022 by Desman Chathuranga

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟරු සපයා ගැනීමට නොහැකි වුවොත් ලබන ඔක්තෝබර් අවසන් වෙනවිට පැය 10කට අධික කාලයක් විදුලිය කැපීමට සිදුවන බවට විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවනවා.

මේ වනවිට ලංකා අඟුරු සමාගම මූලික සැපයුම්කරු ලෙසින් සිටින අතර විකල්ප සැපයුම්කරුවන් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ රට මුහුණ දී තිබෙන දරුණු විදේශ විනිමය අර්බුදය නිසා බව විදුලිබල හා බලශක්ති ඇමතිවරයාගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදි අනාවරණය වි තිබේ.

කෙසේ හෝ ඉක්මනින් ගල් අඟුරු සැපයුම්කරුවන් සොයා ගැනීමට නොහැකි වුවහොත් ඔක්තෝබර් අවසානයේ සිට දිනකට පැය 10ක් 12ක් අතර කාලයක් විදුලි කප්පාදුවක් සිදුවීම අනිවාර්යය බව එම හමුවේදී ඉංජිනේරුවන් අවධාරණය කර තිබේ.