Last Updated on June 27, 2021 by Panduka Herath
රජයේ පාලන මිල ඉක්මවමා සහල් අළෙවි කරන පුද්ගලයන් සඳහා වන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට අවශ්‍ය නීති සංශෝධනය කිරිමට තීරණය කර තිබේ.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ ඊට අදාළ නීති රෙගුලාසි ඇතුළත් පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ විධිවිධාන සංශෝධනය කරන බවයි.
මේ දක්වා සහල් පාලන මිලට අළෙවි කරන්නන්ට දඩය ලෙස රුපියල් 2,500 ක් වේ.
මිට අතරව දඩ ගසන අවස්ථා ගණන අනුව වැඩිවන දඩ මුදලක් නියම කරමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය නීති රෙගුලාසි ඇතුළත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරී පනත සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න