Last Updated on September 11, 2022 by Desman Chathuranga
කැබිනට් මණ්ඩලය සඳහා අවමවශයෙන් තවත් අමාත්‍යවරුන් 15දෙනකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ. ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් මත මෙම පත්කිරිම සිදුකිරිමට නියමිත අතර ඒ අනුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ඉන් අමාත්‍යධුර 12ක් හිමිවිමට නියමිතයි.
නාමල් රාජපක්ෂ,රෝහිත අබේගුණවර්ධන,සී බී රත්නායක ,පවිත්‍රා වන්නිආරච්චි,ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක,විමලවීර දිසානායක ,ආචාර්ය සරත් වීරසේකර , එස් එම් චන්ද්‍රසේන ඇතුළු 12 දෙනකුගේ නම් පොහොට්ටුවෙන් යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනටමත් යවා තිබේ. ඊට අමතරව සජිත් පිලෙන් සහ සුළු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද අමාත්‍යධුර හිමිවිමට නියමිතයි.
අමාත්‍යවරුන් පත්කිරීමේ දී විෂය පථයන් වෙනස් වන බැවින් ,කැබිනට් මණ්ඩලයම යළි දිවුරුම් දීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?