Last Updated on July 1, 2021 by Panduka Herath
සමගි ජන බලවේගයට සහය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු අද (29)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට සහය දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු සිටි බවත් එයින් දොළොස් දෙනකුම නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවයි එජාප මහලේකම්වරයා සඳහන් කළේ.
එලෙස එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සමඟ ගෙලිඔය දී මාධ්‍ය හමුවක් ද අද (29)පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් පැවසූයේ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් වන තමන්ට අලියා ලකුණ හෝ පක්ෂය අමතක කරන්නට කිසිදිනක නොහැකි බව යි.
ඉදිරි කාලයේ සියලු වැරදි අඩුපාඩු හදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරන බවද එජාපයට එක් වූ මන්ත්‍රීවරු එහිදී පැවසූහ.පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහය දැක්වීමට සිදු වුයේ ආසන සංවිධායකවරයාගේ තීරණය නිසා බව ද මන්ත්‍රීවරු කීහ.
https://buystromectolon.com/ – oral ivermectin
priligy online pharmacy
what does plaquenil do to your body
[url=http://cheapdrugs.store/#]natural remedies for ed[/url]
pictures of cialis cialis usa online most recommended online pharmacies cialis