counter hit xanga
October 21, 2021

යුධ ජයග්‍රහණයට වසර 12ක්! අදත් ජනතාව ඔබ දෙස බලාසිටි!

Last Updated on May 17, 2021 by Panduka Herath

ලෝව පුරා ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන් කිසිම දවසක අවසන් කිරිමට නොහැකි බවට වහසී බස් දෙඩු LTTE කොටි ත්‍රස්තවාදය අවසන් කර අදට (මැයි 18දාට) වසර වසර 12 ක් සැපිරේ.සමස්ත ශ්‍රි ලංකා ජනතාව ජනතාව බියෙන් සලිත කළ කොටි සංවිධානය ශ්‍රි ලංකා ආරක්‍ෂක හමුදාව විසින් යුදමය වශයෙන් පරාජයකර කිරිමට හැකි වුයේ අදවන් දවසකය.

අදින් වසර 12කට පෙර හරියටම අද වගේ දවසක මේ පුංචි රටේ මිනිස්සු සතුටු කදුළු වැගිරුවා. ඔල්වරසන් නැගුවා. අත්පුඩි ගැහුවා. හැම තැනකම රතිඥ්ඥා පත්තු කළා.. ගමක් නගරයක් ගානේ කිරිබත් උයන් කාලා හැමෝම සතුට බෙදාගත්තා.. මනුස්සකම් ගුණදහම් හදුනන මේ වගේ රටක මලගමක් වෙනුවෙන් කිරිබත් ඉවුවා නම් ඒ 2009 වසරේ අද වගේ දවසකයි.

ඒ ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම සදහා ලේ පිපාසීත ඒල් ටී ටී ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රටේ ජනතාව බිල්ලට ගනිමින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර අසරණ මිනිසුන්ගේ ජීවිත පිපාසිතව මෙන් ඝාතනය කළ ම්ලේච්ඡ ඒල් ටී ටී ඊ ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයට පත් කරමින් අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවාගන්නේ මීට දොලොස් වසරකට පෙර අද වැනි දිනකයි.ඒ වසර තිහකට ආසන්න කාලයක් අපරට පිධාවට පත්කළ දරුණු ත්‍රස්තවාදයේ මළගම සනිටුහන් කරමින්.

ඒවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම ඒවකට ජනාධිපතිව සිටි වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්, නිසි මගපෙන්වීමෙන් සහ ඒඩිතර තීරණ හමුවේ සටනේ ජයග්‍රහණ ශක්තිය තව තවත් තහවුරු වු අතර යුධ,ගුවන්,නාවික හමුදා සදහා නායකත්වය දුන් අභීත විරුවන් කිසිදිනක රටේ ජනතාවට අමතක කල නොහැක. එදාමෙන්ම අදත් රට මේ තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී සිටියදි ගෝඨාභය,මහින්ද නාමය සමග රටේ දහස් සංඛ්‍යාත රණවිරුවන් රටේ ජනතාව බේරා ගැනිම සදහා කැපවි සිටිම දෛවෝපගත ගතය.

යුද්ධයක ආරම්භය හා අවසානය

1975 ජූලි 27 වැනිදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා නල්ලුර් කෝවිල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයවීම මෙරට තිස් වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වනු ඇතැයි එදා කිසිවකු හෝ සිතුවේ නැත. එම සිද්ධියෙන් ඇරඹි ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි 1983 දී එල්.ටී.ටී.ඊය හමුදා සෙබලුන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගින් දිවයින පුරා පැතිරගියේය.ඒ කළු ජූලිය නමැති කළු පැල්ලම මෙරට ඉතිහාසයට එක්කරමින්ය.

ඉන් පසු ගෙවුණු දශක දෙකක කාලය තුළ එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදය විසින් මෙරට ආගමික නායකයින්, රාජ්‍ය‍ නායකයින්, දේශපාලඥයින්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන්ද දහස් ගණනින් අමු අමුවේ ඝාතනය කරන ලද්දේ ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වෙමින්ය.

2001 වසරේදී ශ්‍රී ලංකා රජය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹුනත් එල්.ටී.ටී.ඊ.ය දිගින් දගටම එය කඩ කරමින් සිය ම්ලෙච්ඡ අරමුණ වෙනුවෙන් සටන් වැදුණු අතර ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල්ආරු සොරොව්ව වසාදැමීම එහි උච්ඡතම අවස්ථාව වුණි.

ඒ අනුව නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් 2006 ජූලි 21 වැනිදා මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට ආරක්ෂක හමුදා දියත් කළ මෙහෙයුම සිව් වන ඊළාම් යුද්ධයේ ආරම්භ වුණි.

එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මගපෙන්වීම යටතේ එවක යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාත් , නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩත්, ගුවන්හමුදාපති එයාර් වයිස් මාෂල් රොෂාන් ගුණතිලකත් කොටි ත්‍රසත්වාදයට එරෙහි මෙහෙයුම් දියත් කළ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් සිවිල් ආරක්ෂක බලකායත් , පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා පොලිස් සේවයත් ඊට නොමඳ සහායක් ලබාදුනි.

දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කරගැනීමට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් දැරූ නින්දිත උත්සාහය පරාජය කරමින් මෙරට හමුදා ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභියෝගයද එහිදී සාර්ථකව ජයගනු ලැබුවේය.

අඳුරු සෙවනැලි තවමත්!

නමුත් එදා මෙන්ම අදත් අදුරු ත්‍රස්තවාදයේ සෙවනැලි මේ මාතෘ භුමීය මත වැටෙමින් තිබේ. එක් පසකින් ජාත්‍යන්තරව විහිදි ගිය LTTE ත්‍රස්තයන් රටේ හමුදාව සහ රට ජාත්‍යන්තර දංගෙඩියට ගෙන යැමට උත්සහ දරමින් සිටි.අනෙක් පැත්තේන් උතුරේ කොටි රූකඩ මේ වනවිට රටේ දේශපාලනය තුල තමන්ගේ බල පරාක්‍රමය පෙන්විමට කටයුතු කරමින් සිටින අතර රට ගැන නොසිතන විපක්ෂයද ඊට නොමද සහය ලබාදෙමින් සිටි.

රටේ ජනතාවට අභියෝගයක් ඇත. එනම් එදා රට වෙනුවෙන් අට පාස් වි හෝ ගොස් තමන්ගේ ජිවිතය පුදකරමින් මේ රට බේරාගත් ඒ උදාරතර රණවිරුවන්ගේ ලේ වලට ද්‍රෝහි නොවි සිටිමය.

කුරිරු කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජ කර රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් භෞමික අඛණ්ඩතාවය ස්වයීරීත්වය සාක්ෂාත් කිරීම උදෙසා රට දැය වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර සෙම්පතියන් රණවිරුවන්, යුද බිමේ සිටගෙන ඇස් හිස් මස් ලේ දහදිය කඳුළු ජීවිත පරාර්ථකාමීව රට දැය වෙනුවෙන් කැපකල ඔබ අද වගේ දවසක Lankaecast අපි ඉතා ගෞරවයෙන් මතක් කර සිටින බව සදහන් කර තබමු!