Last Updated on June 2, 2021 by Desman Chathuranga
සංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ 1005 කාමරයේ රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ. එම පිරිස අතර පසුගියදා ඇපමත නිදහස් වු පියුමි හංසමාලි සහ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ ද සිටි.
සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව මුළු පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදි කොටුව පොලීසිය විසින් එම පුද්ගලයින් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළද, තමන්ට ඒ සඳහා බලතල නොමැති බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.
කෙසේ වෙතත් එම පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් අධිකරණයෙන් ඇප හිමිවු පුද්ගලයින් 13 දෙනා සහ පියුමි හන්සමාලි ඇතුළු පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගෙන තිබේ.
නිරෝධායනට රැගෙන යන අතරතුර නිරූපන ශිල්පි පියුමි හංසමාලි සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම තුළ සජීවිව අදහස් පළ කරමින් ආවේගශීලිව කතා කරන අයුරු
https://buystromectolon.com/ – Stromectol
Priligy
weight pill cialis
[url=http://cheapdrugs.store/#]erection pills online[/url]
price for viagra sildenafil sildenafil citrate 100mg for sale