Last Updated on March 25, 2022 by Desman Chathuranga
උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල දුම්රිය ස්ථානයේ පිහිටි වසර 150 ඉපැරණි අගුරු කොච්චියට ජලය ලබාදිමට භාවිතා කල යකඩ බට නලය ගලවා ඉවත් කිරිමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා විදේශිය සංචාරකයන් කිහිප දෙනෙකු දුම්රියේ පාපුවරුවේ රැදි සිටිමින් සෙල්ෆි ඡායාරුප ගැනිමට උත්සහ කිරිමේදි එම යකඩ බට නලයේ ගැටි ස්පාඤ්ඤ ජාතිකයෙකු පසුගිය දා මිය ගිය අතර , තවත් සංචාරකයන් කිහිප දෙනෙකු එම යකඩ බට නලයේ ගැටි තුවාල ලබා ඇත.
උඩරට දුම්රියන් වල ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට එම යකඩ බට නලය නිසා සිදුවෙන අනතුරු හේතුවෙන් යකඩ බට නලය ගලවා ඉවත් කිරිමට දුම්රිය දෙපාර්තුමේන්තුව මේ වන විට පියවර ගෙන ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ සංචාරකයන් රැගෙන පසුගිය වසර වල ධාවනය වු අගුරු කොච්චියේ එන්ජිමට අවශ්‍ය ජලය ලබාදි ඇත්තේද එම යකඩ බට නලය ආධාරයෙනි.එම යකඩ බට නලය ගලවා ඉවත් කිරිම සම්බන්ධයෙන් අඹේවෙල ප්‍රදේශවාසින්ගේද විරෝධය මතු වි ඇති අතර එම ප්‍රදේශවාසින් කියා සිටින්නේ ගලවා ඉවත් කරන එම යකඩ බට නලය සිහි වටනයක් සේ අඹේවෙල දුම්රිය ස්ථානයේ සුදුසු ස්ථානයක ස්ථාපනය කරන ලෙසයි.




More Stories
සුජිත් රත්නායකගේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8-15, ලයනල් වෙන්ඩ්ට්හිදී
‘Flying Fish’ comes to cinemas
Bike to Work සමගින් නෙදර්ලන්තය ලෝක බයිසිකල් දිනය සමරයි