Last Updated on June 14, 2021 by Panduka Herath
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට SJB සහය දැක්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් 16 දෙනෙක් යලි එක්සත් ජාතික පක්ෂයට UNP එක්වූ බව පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
ගම්පොල නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ දෙනෙක් ,මහනුවර මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ උඩ පළාත ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් මෙලෙස අද (14) එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බවයි මහා ලේකම්වරයා සදහන් කර සිටියේ.
ඒ අනුව ගම්පොල නගර සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුම දෙනා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
එකතු වූ මන්ත්‍රී පිරිස ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තම තීරණය පිළිබඳ කරුණු හෙළි කිරීමට නියමිතව තිබේ.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න