counter hit xanga
June 13, 2021

1990 පහරදුන් දෙදෙනා අත්අඩංගුවට!

හැටන් පොලිසියට අනුයුක්ත කර ඇති 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරාට සේවිකාවට සහ ගිලන් රථයට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු දිඹුල පතන පොලිසිය විසින් (22) දින අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසිය පැවසිය.

දිඹුල පතන පොලිසියට අයත් කුඩාගම ආගිල් ප්‍රදේශයේ ඉදි කරමින් පවතින සංචාරක නිකේතනයක සේවකයෙකු ආලින්දයෙන් බිමට වැටි තුවාල සිදු වි ඇති බවට 1990 ගිලන් රථ සේවයට (22) දින අලුයම 2 ට පමණ ඇමතුමක් ලැබි ඇත.එම ඇමතුම අනුව අදාල සංචාරක නිකේතනය වෙත ගිය හැටන් 1990 සුව සැරිය ගිලන් රථ සේවයේ රියදුරා සහ සේවිකාව ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන එම සංචාරක නිකේතනයේ ඉදි කිරිම් කටයුතු වල නිරත වි සිටින සේවකයා පරික්ෂා කර බැලිමේදි ඔහුට කිසිදු තුවාලයක් හෝ ආලින්දයෙන් බිමට වැටි අනතුරක් සිදු වි ඇති බවට තහවුරු නොවු නිසා ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන සේවකයා සහ ඔහු සමග සිටි තවත් පිරිසක් බිමතින් සිට ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

පවතින කොවිඩ් 19 වෛරස් අවධානම සමග සංචාරක නිකේතනයේ ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන සේවකයා 1990 ගිලන් රථ සේවයෙන් රෝහල් ගත කිරිමට තරම් අවශ්‍යය නොවන බව ගිලන් රථයේ රියදුරා සහ සේවිකාව විසින් එම පිරිසට දැනුම් දිමත් සමග ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන සේවකයා සහ ඔහු සමග බිමත්ව සිටි තවත් පුද්ගලයෙකු 1990 ගිලන් රථයේ රියදුරාට , සේවිකාවට සහ ගිලන් රථයට පහර දි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
සිද්ධිය සැල වු වහාම හැටන් පොලිසියේ නිලධාරින් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත්සැකකරුවන් දෙදෙනා අධික ලෙස බිමත්ව සිටි නිසා කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන සැකකරුවන් දෙදෙනා (22) දින හැටන් මහෙස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ