counter hit xanga
October 26, 2021

Port City කොමිෂන් පනතට 2/3ක් හෝ ජනමත විචාරණයක්!

Last Updated on May 18, 2021 by Panduka Herath

වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) පනතේ සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සංශෝධනය කිරීම හෝ ජනමත විචාරණයකින් සම්මත වුවහොත් වලංගු කළ හැකි බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දි තිබේන බව කතානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ අද(19) අනාවරණය කළා.

වරාය නගර කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව ව්‍යවස්ථාවට පටහැනි වගන්ති කිහිපයක් ඇති බවත් එම වගන්ති සම්මත කළ හැක්කේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් පමණක් බවයි කතානායකවරයා සදහන් කළේ.

වරාය නගර ආර්ථික කොමිෂන් පනත මඟින් ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට නිගමනය කරන්නැයිද අදාළ කොමිෂන් පනත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලමින් ඉදිරිපත් කොට පෙත්සම පෙත්සම් දින 05 ක කාලයක් පුරා විභාගයට ගත් අතර පෙත්සම් විභාගයට ගත් අතර පසුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව කතානායකවරයාට ලබාදි තිබුනා.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති මෙරට ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් බවයි පෙත්සම් මගින් පෙන්වා දි තිබුනේ.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප‍්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාග කෙරිණි.

පාර්ලිමේන්තුව අද රැස්වු අතර අද සිට 20 වැනිදා දක්වා දින 03ක් පැවැත්වීමට තීරණය කර ඇති අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ මැයි 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබේ.

මැයි 19 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතය.

මැයි 20 වැනිදා සවස 4ට ඡන්ද විමසීම පැවැත්විමට තීන්දු කර තිබේ.