Last Updated on May 25, 2021 by Desman Chathuranga
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇදන් 10,000 ක් සකස් කිරීමේ වැඩපිළිවෙලට අනුව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහත්වරුන්ගේ උපදෙස් මත, පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ කර්මාන්ත හා සේවක ප්‍රගතිශීලී සේවක සංගමයේ මාර්ග සංවර්ධන අධිකාරිය ශාඛාවේ මැදිහත් වීමෙන් සකස් කරන ලද ඇදන් 200ක් කොවිඩ් රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීමට අද (25) කටයුතු කරනු ලැබීය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එම ඇදන් විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත මාර්ග සංවර්ධන අධිකාරියේ රත්මලාන වැඩ අංගනයේදී භාර දෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහත්වරු ඇතුළු වාණිජ කර්මාන්ත හා සේවක ප්‍රගතිශීලී සේවක සංගමයේ මාර්ග සංවර්ධන අධිකාරිය ශාඛාවේ නිලධාරීහු පිරිසක් එක් වූහ.









[url=http://cheapdrugs.store/#]ed pumps[/url]
homepage ed treatment options legal to buy prescription drugs without prescription
viagra pills sildenafil citrate tablets 100 mg viagra tablets for men