Last Updated on May 30, 2021 by Desman Chathuranga
දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට දීමට Asian Development Bank (ආසියානු සංවර්ධන බැංකුව) කැමැත්ත පළ කර තිබේ.
ඒ අනුව, මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින සෙවණ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (Second I Road Program) මූලකරණය සඳහා බහු අදියර මූල්‍යයන පහසුකම යටතේ අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 900ක් ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය පසුගිය 2017 වසරේ අගෝස්තු 14 වන දින ක්‍රියාත්මක මූලකරණ ගිවිසුමට එළඹි තිබිණි.
සියලු අංශයන්හි සමානව සේවා හා යටිතල පහසුකම් සැපයීමෙන් නාගරික හා ග්‍රාමීය පරතරය පියවීම ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්රමුඛ අරමුණක් වන අතර, කාර්යක්ෂම හා පරිසර හිතකාමි පොදු ප්‍රවාහන පද්ධතියක් සඳහා ප්‍රවාහන ජාලය සංවර්ධනය කිරීමේ රජයේ ඉලක්කය ළඟා කර ගැනීමට මේ හරහා හැකියාව ලැබේ.
[url=http://cheapdrugs.store/#]errectile disfunction[/url]