counter hit xanga
February 4, 2023

21 ප්‍රහාරය ගැන සොයා බැලු ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මකයි!

Last Updated on May 18, 2021 by Desman Chathuranga

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේ දී රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ .

චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමැති අනුකමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ අතර එම කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත මීට සති කිහිපයකට ඉහතදී බාර දුන්නේය .

අගමැතිගෙන් ඉල්ලිමක්!

මේ අතර පාර්ලිමේන්තුවේ දී 19 සහ 20 දිනවල විවාදයට ගැනෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහය ලබාදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආන්ඩුවේ පක්ෂ නායකයින්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ ආන්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් පැවති අතර එහිදී අගමැතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

වරාය නගර පනත් කෙටුම්පතේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ද ,එමගින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ ගැන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින්ද එහිදී විශේෂ පැහැදිලි කිරීමක් කරනු ලැබීය.

වාසුදේව නානයක්කාර ,උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ , විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,වීරසුමන වීරසිංහ , දයාසිරි ජයසේකර,මහින්ද අමරවීර ,විමල් වීරවංශ ,සාගර කාරියවසම්, ජීවන තොන්ඩමන් යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහභාගි වි තිබේ.