counter hit xanga

පොලීසියට අලුතින් 28,000ක්!

Last Updated on May 19, 2021 by Panduka Herath

“ප්‍රජා පොලිස්” සේවය සදහා සෑම ග්‍රාම සේවා වසමකටම නිලධාරීන් දෙදෙනා බැගින් අනුයුක්ත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ecast දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරියේදි ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර දැනට ග්‍රාම සේවා වසමක ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී ඇතුළු නිලධාරීන් සිටින ‘සේවා පියස’ තුළ මෙම නිලධාරීන් අනුයුක්ත කිරීමට සුදානම් කර තිබේ.

ඒ අනුව ග්‍රාම නිලධාරි වසම් 14,000 සඳහා 28,000ට වැඩි අලුත් පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් අලුතින් බඳවා ගැනිමට සිදුවනු ඇති. එම නවක නිලධාරින් ගම් මට්ටමෙන් අලුතෙන් පොලිස් කොස්තාපල්වරුන් ලෙස බඳවා ගැනිමට නියමිත බවද වාර්තා වේ.

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගමට අලුත් අමාත්‍යාංශයක් නිර්මාණය කිරිමට කටයුතු කළේ මෙහි පළමු පියවර ලෙසයි.