Last Updated on June 5, 2021 by Panduka Herath
COVID-19 වෛරස පාලනය සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක් රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
COVID-19 වසංගත තත්ත්වය පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (05) පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ලෝකයේ කිසිඳු රටක් නිශ්චිත රාමුවක් තුළ සිට මෙම වසංගත තත්ත්වය පාලනය කර නැති බවයි.
කොරෝනා වසංගත තත්ත්වය ආරම්භක පළමු අදියරේදී පවුලකට රුපියල් පන්දහසේ මූල්‍යාධාර ලබාදීම සඳහා රුපියල් බිලියන අසූවක් ද සිංහල අලුත් අවුරුදු සමයේදී රුපියල් බිලියන පහළොවක් සහ වර්තමානයේදී රුපියල් බිලියන තිස්පහක මුදලක් වැය කර තිබේ.
රුපියල් 5000 බැගින් පවුල් ලක්ෂ 40කට මූල්‍යාධාර ලබාදීමේදී චෝදනා අපවාද එල්ලවීම සිදුවන නමුත් මූල්‍යාධාර ලබාදීම උපරිම සාධාරණත්වයෙන් යුක්තව ඉටු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළා.
මහනුවර දිස්ත්‍රිකයට ලබා දුන් ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව මෙම මස 15වන දින සිට ජනතාවට ලබාදිය හැකි බවද ඔහු එහිදි සදහන් කළා.
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!