Last Updated on April 19, 2021 by Panduka Herath
උත්සව සමයේ ගත වූ දින 11 ක කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් (highway) රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.
උත්සව සමයේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළින් ලබා ගත් ආදායම, සිදුවූ රථ වාහන අනතුරු පිළිදව සවිස්තර වාර්තාවක් අද (19) දින අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ එම්. ලොඩ්වික් මහතා විසින් මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු මහතා වෙත ලබාදි තිබේ.
ඒ අනුව අදාළ කාලසීමාව තුළ වාහන 1,236,288 කට අධික ප්‍රමාණයක් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇත.
මෙම කාලසීමාව තුළ වැඩිම වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇත්තේ අප්‍රේල් 10 වැනිදා ය. එම සංඛ්‍යාව 141,187 කි. එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 38කට අධිකය.
More Stories
Galadariය එදාත්,අදත් ජනතාව සමගයි! තොරතුරු අසත්‍යයි!
සිම්බාබ්වේට පෙනෙන මානයේ සිටින ලංකාව!
“රුපියල පා වීමට හැරීම ආර්ථික අර්බුදයට බලපෑවා”