counter hit xanga
March 28, 2023

පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර

Last Updated on January 30, 2023 by Dheerasinghe

ඉදිරි පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පැෆ්රල්, කැෆේ, සී.එම්,ඊ.වී ඇතුළු සංවිධානවලට මැතිවරණය නිරීක්ෂණය සඳහා අවසර ලබා දෙන බවයි.ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිස නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ, නිරීක්ෂණ කණ්ඩායම් දෙකකට පමණි.සෙසු සංවිධාන බාහිරව නිරීක්ෂණ කටයුතුවල නිරත විය යුතුය.

මේ අතර , පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7000ක් යොදවන අතර දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.