Last Updated on May 10, 2021 by Desman Chathuranga
එක්සත් ජාතික පක්ෂයේ UNP සාමාජිකයෙකුව සිටීම අවසන් කර ඇති නිසා දිවුලපිටිය ප්රාදේශීය සභාවේ මන්ත්රීවරුන් 4 දෙනෙකුගේ මන්ත්රීධුර අවසන් කිරිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඊට අදාල ගැසට් පත්රය එම කොමිසම විසින් මේ වනවිට නිකුත් කර තිබේ. 2021 මැයි මස 06 වැනි බ්රහස්පතින්දා අංක 2226/45 දරණ ගැසට් පත්රය හරහායි. (අදාළ ගැසට්ටුව පහලින් කියවන්න)
දිවුලපිටිය ප්රාදේශීය සභාවේ සභිකයෙකු වන ලොකු කුමාරලාගේ දෝන භාගේෂ්වරී මධුෂිකා ගුණසේකර මහත්මිය,දිවුලපිටිය ප්රාදේශීය සභාවේ සභිකයෙකු වන ඇලබඩගම කංකානමලාගේ ගයාන් ජානක ජීවන්ලාල් මහතා ,දිවුලපිටිය ප්රාදේශීය සභාවේ සභිකයෙකු වන මුතුවාඩිගේ රජිත් ක්රිෂාන් අල්විස් මහතා ,දිවුලපිටිය ප්රාදේශීය සභාවේ සභිකයෙකු වන දංගල්ලගේ වසන්ත ලක්ෂ්මන් අප්පුහාමි මහතා යන අයගේ සභික ධුරය ඔහුන් විසින් අතහැර ඇති බවයි කොමිසම සදහන් කරන්නේ.
ඒ (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 10අ (1) (අ) වැනි වගන්තිය යටතේ යි.
අදාළ මන්ත්රීවරුන් එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාළන මැතිවරණයට තරග කර පසුව සජිත්ගේ සමගී ජන බලවේගයේ සමාජිකත්වය ලබාගත් මන්ත්රීවරුන් බවයි වාර්තා වන්නේ.
(262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 10අ (1) (අ) වැනි වගන්තිය යටතේ නාම යෝජනා පත්රයේ සදහන් පිලිගත් පක්ෂයේ සමාජීකත්වය අවසන් කිරිම මන්ත්රීධුර අහිමි විමට හේතුවකි.



[url=http://cheapdrugs.store/#]over the counter ed drugs[/url]
ivermectin trial stromectol and herbs stromectol 3 mg tablet price