Last Updated on June 23, 2021 by Panduka Herath
ජූලි මාසයේ පළමු සති තුන තුළ සතියකට එන්නත් මාත්‍රා 26,000ක් බැගින් Pfizer එන්නත් මාත්‍රා 78,000ක් ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
මෙම වසර අවසන් වන විට ලැබිමට නියමිත Pfizer එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 50ක් බවද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සදහන් කළා.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලෙස ලබාගත් 560,000ක පමණ පිරිසක් මේ වන විට එහි දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල හරහා එම එන්නත් මාත්‍රා 264,000ක් ලැබීමට නියමිත බවත් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක අවශ්‍යතාවක් පවතින අතර ඒ අය සඳහා ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමැතිය දී තිබෙන අතර කැනඩාව,ජර්මනිය,ප්‍රංශය වැනි යුරෝපා රටවලද දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දී ඇති බව ඔහු පෙන්වා දුන්නා.
[url=http://cheapdrugs.store/#]best ed drugs[/url]
stromectol price cost of stromectol medication