Last Updated on May 25, 2021 by Panduka Herath
වසංගතය තත්ත්වය හමුවේ සංචරණ සීමා පැනවීම හේතුවෙන් පීඩාවට පත් වන අඩුආදායම්ලාභීන් සඳහා රුපියල් පන්දහසේ දීමනාව යළිත් වරක් ගෙවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙකු ecast විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්කෙරුණු බවත් පසුගිය වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රගතී සමාලෝචනයක් කිරිමටද එහිදි අවධානය යොමුව් තිබේ.
දීමනාව ගෙවීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් කැබිනට් මණ්ඩලය ඉල්ලා ඇති අතර ඒ ගැන විශේෂ සාකච්ඡාවක් අද් දිනය තුලදි කැදවන ලෙසද ජනපති දැනුම් දි තිබේ.ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අවසන් එකඟතාවක පැමිණියහොත් වෙසක් උත්සවයට පසු එම දීමනාව අඩු ආදායම්ලාභින් හට ගෙවීමට කටයුතු කෙරෙනු ඇති.
අඩු ආදායම්ලාභීන්ට රුපියල් පන්දහසේ දීමනාව ගෙවීමේ වැඩපිළිවෙළ යටතේ රජය පළමු අදියරේදී ලක්ෂ හැත්තෑවකට, දෙවැනි අදියරේදී ලක්ෂ පනස්දෙකකට හා තෙවැනි අදියරේදී ලක්ෂ තිස් එකකට සහන සහන සලසා තිබේ.
More Stories
විපක්ෂය කළේ මෝඩ වැඩක්! සුමන්තිරන්ට අගමැති පිළිතුරු දෙයි!
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක අත්තඩංගුවට!
බබා පාට් එපා.. මිනිමරු මහින්දයි, මැර කල්ලියයි වහාම අත්තඩංගුවට ගන්න!