counter hit xanga
December 1, 2022

Online නිසා 60% කට අධ්‍යාපණය නෑ!

Online ඉගැන්විමේ ක්‍රියාවලියට වසරකුත් මාස 3 කට වැඩි කාලයක් ගතව තිබුනද් අධ්‍යාපන බලධාරීන් කිසිදු වැඩපිළිවෙක් කි‍්‍රයාත්මක කිරිමට සමත්ව නැති බවයි.

Last Updated on June 19, 2021 by Panduka Herath

පාසල් දරුවන්ට දුරස්ථ ඉගැන්වීම් කිරිමට ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදී ඔවුන් විසින් ස්වේච්ඡාවෙන් සිදු කරන කාර්‍යය අධීක්ෂණය කිරීම සදහා කටයුතු කිරිම තරයේ හෙළාදකින බව ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ Online ඉගැන්විමේ ක්‍රියාවලියට වසරකුත් මාස 3 කට වැඩි කාලයක් ගතව තිබුනද් අධ්‍යාපන බලධාරීන් කිසිදු වැඩපිළිවෙක් කි‍්‍රයාත්මක කිරිමට සමත්ව නැති බවයි.

එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ Online අධ්‍යාපණය හේතුවෙන් දරුවන්ගෙන් 60%කට අධ්‍යාපණය අහිමි වි ගොස් ඇති බවයි.